Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

X-Press Pearl නෞකාව සිදුකළේ සමුද්‍ර දූෂණයක් පමණක්මද?

ඇන්ටන් ජයකොඩි – lankatruth.com

විවිධ පාරීසරික සාදක මත වීවීධවූ කුඩා පරිසර පද්ධති වලට බෙදා වෙන්කලත් සියලු පරිසර පද්ධති අතර අන්තර් සම්බන්ධතාව පවත්වගෙන යමින් එකිනෙකාගේ පැවැත්ම තහවූරු කරගෙන සිටි. සාගරයේ මෙන්ම ගොඩබිමද විවිධවූ පරිසර පද්ධති මිලියන ගනනකට බෙදාවෙන් කළ හැකිවුවත් එම අන්තර් සම්බන්ධතාව පවත්වාගෙන යමින් එකිනෙකාගේ පැවැත්ම තහවුරු කරගෙන ඇත්තේ එක් පරිසර පද්ධතියක විනාශය තවත් පරිසර පද්ධතියක විනාශයක ආරම්බය වීයහැකි නිසාවෙනි.

පෘතුවි පෘෂ්ඨයෙන් 71% භූමි ප‍්‍රමානයක් වසා සිටින සාගරයේ ඇති පර්නාංග, විවිධ ක්ෂුද්‍ර ජීවීන් ඇතුලු සාගරයේ ජෛව ගෝලය, වායුගොලයේ වායු සංයුතිය පවත්වවා ගෙනයාමට විාශාල දායකත්වයක් සපයයි. එමෙන්ම වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් සැලකියයතු ප‍්‍රමානයක් අචශොෂනය කරගනු ලබනුයේ සාගරයෙනි. මේ හේතුවෙන් සාගරයේ තුලිතතාව පරිසර පද්ධතිවල ආරක්ෂාවීම ඉතා වැදගත් සාධකයකි. සාගරයේ තුල්‍යතාව ආරාක්‍ෂා කිරිම සදහා බලපාන භෞතික හා රසායනික පරාමිතින් රාශිකි. එයින් ප‍්‍රධානවනුයේ සාගර ජලයේ පිඑච් අගය (ආම්ලීකතාව), සාගර ජලයෙ දියවී ඇති ඔක්සිජන් ප‍්‍රමානය (බී ඕ ඩී), සගර ජලයේ ඇති ඝණ අංශූ ප‍්‍රමානය, ලවන ප‍්‍රමනය, බැර ලෝහ ප‍්‍රමානය, විකිරණශිලි අංශු ප‍්‍රමානය උෂ්ණත්වය ආදීන් ඉන් ප‍්‍රධානය. පෘතිවියේ පාරිසරික තුල්‍යතාව ආරක්ෂා වීමට සාගරයේ ජීවී පැවැත්මට සාගර ජලයේ පිරිසිදු බව ඉතා වැඳගත්ම සාධකයකි. නුමත් ධනවාදි නිශ්පාදන ක‍්‍රියාවලිය තුළ සාගරයේ තුල්‍යතාවයට හානිවන සියලු පරාමිතින්වලට අදාල දූෂකාරකයන් සාගරයට එක්කරමින් සිටි. ධනවාදය තුළ සාගරය ධනවාදි නිශ්පාදන ක‍්‍රියාවලියේ අපද්‍රව්‍ය බැහැර කරන ඩස්පිනයක් බවට පත්ව ඇත.

ලෝකයේ සිදුවන සමුද්‍ර දූෂණ හේතුවෙන් සාගරයේ ජීවත්වන ජීවීන් මිලියන ගනනක් මියයමින් හා මියගොස් ඇත. එය කොතෙක්ද යන්න තේරුම් ගැනීමට දැනට සාගරයේ ජීවත්වන මුහුදු ජීවීන්ගෙන් 33%ක් හෙවත් 1/3ක් පමණ ජීවීන් රතු දත්ත ලේඛනයට අයි.යු.සී.එන්. විසින් ඇතුළත් කර ඇත. ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳවවත් ඔහුන්ගේ කාර්‍යභාරය පිලිබදවත් කිසිදු සාර්ථක අධ්‍යනයක් සිදුකොට නොමැත.

දෙවන ලෝක යුද්ධය නිමවීමත් සමග සමූද්‍ර දූෂණයන් පිලිබදව එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත සගර පරිසරයන් ආරක්ෂා කීරීමේ කොමිටිය (Marine Environment Protection Committee – M.E.P.C පසුව I.M.O. ලෙස කෙටි විය) විසින් 1959දී නාවික කටයුතුවලදී සාගරයට බැහැරවන තෙල් පිලිබද ප‍්‍රාඥප්තිය ක‍්‍රියාත්මක කරන ලදි. පසුව අයි.එම්.ඔ. අයාතනයේ උප කමිටුවක් වන එම්.ඒ.ආර්.ඔ.ඒ. විසින් රසායන ද්‍රව්‍යය, මල අපද්‍රව්‍යය, කසළ හා වෙනත් අපද්‍රව්‍යය පිලිබදව සම්මුතියකට එලබිනි. එය 1973 සිට ක්‍රියාත්මක කරන ලදී. සමුද්‍රය දූෂණය පිලිබද නීතිවලට අදාලව ප‍්‍රාඥප්තින් සම්මුතින් නිර්මානය කරනුයේ මෙම අයිඑම්ඔ සංවිධානය මගිනි. එමෙන්ම 1982දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්මානය කරන ලද සාගර නීතිය මගින් සමුද්‍ර දූෂණය පිලිබදව හා භූමිය පිිබදව නෛතික රාමුවකින් ආවරනය කොට ඇත. මෙම අයි.එම්.ඔ සංවිධානය මේ දක්වාම සමූද්‍ර දූෂණ පිලිබදව විවිධවූ ප‍්‍රඥප්තීන් සකස්කරමින් සිටී. රටක් මෙම ප‍්‍රඥප්තීන් ගිවිසුම්වලට අත්සන් කලත් එහි නෛතික භාවය සදහා එම රටේ අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා අදාල නීති සම්පාදනය කළ යුතුය. එය යම් මුදලක් ලබාගැනීමටද එය පිටුවහලක් වේ. අප රට විවිධ ප‍්‍රඥප්තීන් 10කට වැඩි ප‍්‍රමානයකට අත්සන් කර ඇතත් එහි අඩංගුව රට තුළ නිති රාමුවකට ඇතුළත් කර නොමැත. පෙරදිග භා බටහිර යාකරන නාවික ගමන් මාර්ගය ශ‍්‍රි ලංකාවට පහළින් පිහටීමත් දිනකට ඒ ඔස්සෙ නැවූ 300කට ආසන්න ප‍්‍රමානයක් ගමන්කරන නැව්වලින් ඇතිවන සමුද්‍ර දූෂණයන් පිලිබදවත් එයට නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වීම සදහා අත්සන් කරනු ලබන සමුද්‍ර දූෂණ පිලිබද ප‍්‍රඥප්තීන් රටේ පනත්වලට ඇතුළත් කළයුතුය. පසුගිය දශක කිපය තුළ එවැනි අනතුරු කීපයක් සිදුවූ අතර පසුගිය වසර සැලකූ විට වීශාල සමුද්‍ර පරිසර හානින් කිපයක්ම සිදුවීය. එයින් ප‍්‍රමුඛ වන්නේ X-Press Pearl නෞකාව මගින් සිදුකළ දැවැන්ත පරිසර වීවිනාශයයි.

දල වශයෙන් ලොකයේ වසරකට සාගරයට එකතුවන තෙල් ප‍්‍රමානය ගැලූන් මිලියන 700කට අසන්නය. මෙයින් 20%-25%ක ප‍්‍රමානක් නැවත එක්කාසු කරනු ලැබේ. ඉතිරිය සාගරය මතුපිට තේල් ස්ථරයන් ලෙස පැතිරී පවති. සගරය මතුපිට පැතීරි ඇති තෙල් ස්ථරයන් මගින් සගර ජල පෘෂ්ඨය හා වායුගෝලය අතර සම්බන්ධය බිද දමනු ලැබේ. මේ හෙතුවෙන් සගරයට පැමිනෙන හිරුඑලිය නොලැබීමත් සගර ජලයේ ඔක්සිජන් ප‍්‍රමානය අඩූවීම ආදීන් මගින් සාගරයේ තුල්‍යතාව බිද දමනු ලැබේ. වාතයේ ඇති ඔක්සිජන් හා හිරු එලිය මගින් සිදුවන ඔක්සිකරන ක්‍රියාවලියෙන් එය විනාශ වනතෙක් බොහෝ කාලයක් මෙම තෙල් ස්තරයන් පවති. මේ හේතුව නිසා විවිධ ජෛව පද්ධති විනාශවේ. එමෙන්ම විවිධ පක්ෂින් කෘමීන් ආදී සත්ව කොට්ටාශ විනාශවේ.

ඔස්ට්‍රේලියානු ජාතික අර්ථිකයට සැලකියයුතු පංගුවක් එක් කළ Great Barrier Reef කොරල් පරය විනාශවී ගොස් ඇති නිසා වසර කීපයකට පෙර එය මියගොස් ඇතැයි ඔස්ට්‍රේලියානු බලධාරින් ප‍්‍රකාෂ කරනලදී. එයට ප‍්‍රධාන එක් හෙතුවක්වුයේ තෙල් නිසාවෙන් සිදුවන පරිසර දූෂණයයි..

පෙරදිග හා අපරදිග සම්බන්දවන රටට දකුණු දෙසට වන්නනට දිනකට නැව් 300 පමණවු ප‍්‍රමානයක් ගමන්කරන අතර එයින් එකක් චන එම්.ටී. නිව් ඩයමන්ඩ් තෙල් ප‍්‍රවාහනය කරන නෞකාවවේ ඇතිවු කාර්මීක දෝෂයක් හේතුවෙන් 2020 සැප්තැම්බර 03දින ශ‍්‍රි ලංකාවේ වෙරළ තීරය ආසන්නයට ගසාගෙන එන ලද අතර එහි බොරතේල් මෙට්ට්‍රික් ටොන් 270,000ක් තිබිනි. නැවේ ඇතිවූ ගින්නනෙන් මෙම තෙල් ගබඩාවට හානියක් නොවුවත් ධාවනයයට අදාල තේල් සාගරයට එකවිය. මෙම ගින්න නිවීමට සුපර් රෙසින් රසායනික ද්‍රව්‍යය කිලෝ ග‍්‍රැම් 4500ක් හෙලන්නට විය.

ධනවාදී විකෘර්ති සමිකරනයන්ට අනුව සිදුවූ පාරිසරික විනාශය ඩොලර් බවට පරිවර්තනය විය. අවසානයේ ගින්න නිවිම සදහා වැයවු මුදල පමනක ලැබුනු බව සදහන්ය.

එම්.වී.බී.බී.සී. නාපල්ස් නැමති නෞකාව

යුරේනියම් හේක්සා ෆොලෝරයිඩ් (UF6) පුරවාගත් එම්.වී.බී.බී.සී. නාපල්ස් නැමති නෞකාව නෙදර්ලන්තයේ රොටර්ඩැම් වරායේ සිට චිනය දක්වා ගමන් කිරීමේදීි සිදුවූ කාර්මික දෝෂය හේතුවෙන් 2020 අප්‍රෙල් මස 21වන දින (චිනයට අයත්) හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ වරායට සේන්දුවිය.

යුරේනියම් හේක්සා ෆොලෝරයිඩ් යනු න්‍යෂ්ටික බලාගාරවලට හෝ පරමාණු බොම්බ නිපදවීමට අවශ්‍යය යුරේනියම් 235 විකිරණශිලී සමස්තානිකය, යුරේනියම් නිධිවලින් ලබාගන්නා නියැදි හයිඩ්‍රෝ ෆොලොරයිඩ් අම්ලය සමග ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් ලැබෙන වාශ්පශීලී කහ පැහැ ජෙලියය (Yellow cake). මේවා වේගෙයෙන් කැරකැවෙන සිලින්ඩරාකාර භ‍්‍රමන යන්ත‍්‍ර මගින් යුරේනියම් 235 විකිරණශිලී සමස්තානිකය ලෙස වෙන් කරනු ලබනුලැබේ. යුරේනියම් නිධිවල යුරේනියම් 235 විකිරණශිලී සමස්තානිකය 0.3%ක් පමන අඩංගුය. මෙම යුරේනියම් හේක්සා ෆොලෝරයිඩ් 4%ක් දක්වා සුපොෂනය කිරීම මගින් න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය ඉනධන ලෙසද 90%ක් දක්වා සුපොෂනය කිරීමෙන් පරමාණු බොම්බ නිපදවීම සිදුකරයි.

යුරේනියම් හේක්සා ෆොලෝරයිඩ් වායුගෝලයට විවරවූවහොත් එය ඉතා වශ්පශීලී නිසා පහසුවෙන් වායුගෝලයේ පැතිරීයයි. ජලයතුලද පහසුවෙන් පැතිරියයි. මෙය සියලු ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකරය. සත්ව කොට්ටාශවල රතු රුධිරානු අඩුවීම හා වකුගඩු, සම, පෙනහලු අක්මාව ආදී ඉන්ද්‍රියන්ට දැඩි බලපම් එල්ල කරයි.

මෙවැනි අනතුරුදායක විකිරණශිලී ද්‍රවය ප‍්‍රවාහනය කිරීම අතරතුර යම් අනතුරකට ලක්වුව හොත් සිදුවියහැකි අනතුර ඉතා විනාකාරීවීම හේතුවෙන් වරායන්වලට එවැනි නැව්වලට වරායන් තුළට ඇතුළුවීම තහනම්කොට ඇත. න්‍යෂ්ඨික අපද්‍රව්‍යය හෝ විකිරණශීලී ද්‍රව්‍යයන් ප‍්‍රවාහනය පිලිබදව වු ප‍්‍රඥප්තීන් කිපයක් ඇති අතර එයින් කිපයකට අප රටද අත්සන්කොට තිබියහැක.

මෙමවැනි අනතුරුදායක තත්වවයන් තුල එම්.වී.බී.බී.සී. නාපල්ස් නෞකාව හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ වරාය තුළට ගැනීම ඉතා භයානක ක්‍රියාවකි.

2021 මැයි මස 20වන දින එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව බහලුම් 1486 සමග කොළඹ වරායට ඇතුළුවීමට වරායෙන් පිටත නැංගුරම්ලා තිබිනි. මෙහි නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, මොල්ඩින් පලාස්ටික් විශාල ප‍්‍රමානයක් රුපලාවන්‍ය ද්‍රව්‍යය බැර ඉන්ධන මෙට‍්‍රක් ටොන් 300ක් පමන, කෝස්ටික් සෝඩා, සෝඩියම් මෙතොක්සයිඩ්, මෙතනෝල් ආඳින් ඇතුළුව තවත් රසායනික ද්‍රව්‍යයන් තිබූ බවට වාර්තාවේ. රසදිය මෙන්ම වෙනත් බැර ලෝහ සහිත රසායනික ද්‍රව්‍යයන් මෙහි අඩංගුව තිබූ බවට විශ්වාස කළ හැක. මෙවා සියල්ල පරිසර විනාශකාරී උපද්‍රවවයන් ලෙස සැලකේ. මෙයින් බොහෝමයක් ජලය සමග ප‍්‍රතික්‍රිරයා කිරීමේදී තාප වියෝජනයක් සිදුවේ. නිර්මානයවන තාපය ගින්නක් ඇතිවීමට පහසුවන අතරම ගි්න්නක් ඇති වූවහොත් එය පාලනය කිරිමට ජලය භාවිත කලහොත් ගින්න තවත් පැතිරිමට පිටුවහලක් වේ.

කොළඹ වරායට පැමිනීමට පෙර කටාරයේ හමාඞ් වරායටත් ඉන්දියාවේ හසීරා වරායටත් පැමින ඇති බවත් නැවේ බහලුමකින් නයිට්‍රික් ඇසිඩ් කාන්දුවක් සිදුවන බවත් එය යතාතත්වයට පත්කිරිමට අවශ්‍ය විශේෂඥ ඥානය ඔහුන් සතුව නොමැති බව පවසමින් එය පිටත් කළ බවට වාර්ථා වීය. කෙසේ වෙතත් මැයි 20වන දින මාරයක් පිටවෙමින් තිබූ නැව ගින්නක් බවට පත්වී දැවෙන්නට විය. බහලුම් විශාල ප‍්‍රමානයක් මුහුදට වැටුනු අතර සමහරක් එවා පිපිරිනි. ප්ලාස්ටික් පෙලට් සාගරය පුරා පැතිරී වෙරළතීරයටද ගොඩගසන්නට විය. ශ‍්‍රි ලංකාවේ විශාලතම සමූද්‍රීය පරිසර විනාශය සිදුවිය. සිදුවිය හැකි පරිසර විනාශය තක්සේරු කිරිමට හා ගතයුතු කි‍්‍රයාමාර්ග පිලිබදව තින්දු තීරන ගැනීම සදහා එහි තිබූ ද්‍රව්‍යය හෙළි කළයුතුමය. එසේ නොකිරීම ඛෙදජනකය. මේ වනවිට නැව මුහුදුබත් වෙමින් පවති. බහලුම් තුළ ඇති විනාශකාරි ද්‍රව්‍යයන් මෙම ගිලුනු බහලුම් තුළ පවති. කාලයත් සමග බහලුම් දිරාපත්වීමෙන් හෝ වෙනයම් ක‍්‍රියාවලිකින් එවා සිදුරු වීමෙන් මහා විනාශයක් සිදුවිය හැක. මෙම ගිලුනු බහලුම් සැගව ඇති කාල බොම්බයක් වැනිය.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න

මිගමුව කලපුවේ මාලු දැලකට විදුරු කෙඳි – ෆබර් ගලාස් පැටලී තිබූබවට තොරතුරු වර්ථාවේ. – ෆබර් ගලාස් කාර්මික හා රසායනාගාර භාවිතයට ගනු ලබන වීදුරු කෙඳි ප‍්‍රවාහනය කලේ නම් එය තවත් බිහිසුනුය. සාගර ජලයේ කුඩාකෙඳි ලෙසකැඩෙන මෙවා මිනිස් ඇස්වලට දැඩි ලෙස හානි පැමිනිමත් ශරීර අභ්‍යන්රයට ගමන් කළවිට විශාල හානි පැමිනේ. එහෙයින් දිය නැම මුහුදට බැසීම පවා අහිතකරය. මුහුදු ජීවීන්ගේ කරමල් මෙන්ම ශ්වසන ක්‍රියාවලියට භාදා පැමිනිමෙන් විශාල වශයෙන් ඔහුන් මියයාහැකිය. ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාවලියට දැඩිව හානි පැමිනේ.

මුහුදු ජලයට බැර ලෝහ එක්කාසු වන්නේනම් ඒවා හා මුහුදු ජලයේ ඝණ අංශු ප‍්‍රමානය වැඩි වීමෙන් කෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම අභියෝගයට ලක් කරන්නකි. තවද මෙය මුහුදු බෙල්ලන් ස්ටාර් ෂිශ් ආදී ජලය පෙරීමෙන් ක්‍ෂුද්‍ර ඡීවීන් ආහාරයට ගනු ලබන ජිවීන්ටද කොරල් ආදීන්ගේ පැවැත්මට, වර්ධනයට හා බෝවීමට බලපැම් සිදු වේ. සියලු සංචරන මත්සයින්ට වාසය කිරීමට නුසුදුසු පරිසරයක් නිර්මානය කරයි.

දිය වැල් සමග ඵැමිනෙන පී.එච් අඩු ආම්ලීක ඡලය හේතුවෙන් ඇතැම් කුඩා ස්ථානවල කොරල්පර විනාශවේ. ප්ලාස්ටික් හා ක්‍ෂුද්‍රප්ලාස්ටික් අංශු මත්සයින්ගේ ශරීරගතවීම තුළ ඔහුන් මියයාම, වර්ධනය හා බෝවීම නැතිවීමත් ඡීවත්වීමට නුසුදුසු පීඩාකාරී පරිසරයෙන් ඔහුන් ඉවත්වීමත් සිදුවේ. සාගරයට ප්ලාස්ටික් හා ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සාගරයට එක්කාසු කරන පළමූ රටවල් 5 ඇතුලත අප සිටින අතර එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්වු ප්ලාස්ටික් හා නිර්මානය වන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ක්‍ෂුද්‍ර ජීවී ක‍්‍රියවලිය අකර්මන්‍ය වීමත් ඒවා මත යැපෙන වීශාල ජීවීන් ප‍්‍රමානයක් මෙම පරිසරවලින් අතුරුදහන්වේ. මෙම සිදුවීමට පෙර සිට සාගරය තුළ පැවති ප්ලාස්ටික් හා ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් හෙතුවෙන් ක‍්‍රමයෙන් මතස්‍ය සම්පතේ අඩු වීම එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව විනාශවීත් සමග තවත් තිවූරවනු ඇත.

වෙරළ තීරයට පත්ව ඇති ඉරනමත් අතැම් ස්ථානයන්හි මතුපිට විහිදී ඇති තේල් ස්තරයන් හ්තුවෙන් වායුගෝලය හා සගර ඡලය අතර සම්බන්දය බිඳියාමෙන් සිදුවිය හැකි විනාශයන්ද සංචාරක කර්මාන්තයට සිදුවන හානියද සුලුපටු නොවේ. මෙම පරිසර පද්ධති තුළ සිදුවන වෙනස්කම් හා විනාශයන් සමස්ත පරිසරයටම බලපානු ලැබීම වැලැක්වීය නොහැක.

කලුතර සිට මීගමුව දක්වා ධීවරයින් 6000කට පමන මසුන් ඇල්ලීමේ තහනම මසුන්ට අදාලම නැත. ගල්පර හා කොරල් ආසන්නයේ ජීවත්වන මත්ස්‍ය වීශේෂ හැර අනෙක් මසුන් විවිධ ප‍්‍රදේශයන්ට චලනයවේ. අද දින වත්තල මුහුදු සීමාවේ ඇති මත්ස්‍ය රංචුවක් දිනකින් හෝ දෙදිනකින් මන්නාරම උතුරු මුහුදදේ දැකිය හැක. එය මත්ස්‍ය ස්වභාවයයි.

රටේ ඔනැම ව්‍යපෘතියකදී පරිසරය පිලබදව අවතක්සේරුව මෙන්ම සමූද්‍රිය පරිසර දූෂණය පිලබදව කිසිදු තැකීමක් නොකරන පාලන ක‍්‍රමයක් මගින් විවිධවු පරිසර පද්ධතිවලින් සමන්විත සමසත පරිසරයේ ස්තාවරත්වයක් බලාපොරොත්තු වන්නේ නම් එය මිරිගුවකි. රට අසලින් දිනකට නැව් 300ක් පමන ගමන්කරන විටක එය රටේ අර්ඵීක සංවර්ධනයට යොදාගැනීමේ හැකියාවට පයින් ගසන වසර 73 පුරාවට පැවති ක‍්‍රමවේදයෙන් සමූද්‍රිය පරිසර දූෂණය අවම කිරිම හෝ ආරාක්ෂා කිරිම බලාපොරොත්තුවීමද මිරිගුවකි. සිදුවන පරිසර විනාශයෙන් ඩොලර් නොමැතිවීමේ අර්බුදය පියවා ගැනීමට උත්සහ දැරීම පරිසරය කෙරහි ධනවාදයේ සැබැ ආකල්පය පෙන්නුම් කරන්නකි. රතු ඉන්ඳියානු නායකයකු වන සියටෙල් ගේ පරිසරය පිලිබදවූ දැක්ම නැවත කියවීමක් වඩාත් කාලෝචිතය.

පරිසර ක්‍රියාවලියේ වටිනාකම් අවභොධ නොකොට ඒ වෙනුවෙන් වෙළදපොළ මිලක් නියම කිරීමත් සිදුවන පරිසර විනශයන්ට මිලක් නිමකිරීමත් මෙම ආර්ථික මොඩලයේ නරුමකම පෙන්වීමක් මිස පරිසරය ආරක්ෂා කරගැනීමක් නොවන බව අවභෝද කරගත යුතුය.

භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි මහතා විසින් ලංකා පුවත්පතට සම්පාදනය කළ ලිපියකි.

තොරතුරු මූලාශ්‍රය

lankatruth.com/si/?p=117728

Admin

Read Previous

කාබනික පොහොර නිෂ්පාදකයින් ලියාපදිංචි කිරිම සඳුදා සිට

Read Next

Sri Lanka official on X-Press Pearl fire: loading conflicts on dangerous goods are usually detected

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!