
BBC – සිංහල
X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකා වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රටතුළම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයි මධ්‍යම අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර බීබීසී සිංහල සේවයට පැවසීය.
පුත්තලම සිට ගාල්ල දක්වා වෙරළෙන් මේ වනවිට අපද්‍රව්‍ය කන්ටේනර් 12ක් එකතුකර ඇත. වෙරළ පිරිසිදු කිරීම අවසානයේ එම අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් සංඛ්‍යාව 30ත් 40ත් අතර සංඛ්‍යාවක් වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
මෙම සිදුවීමෙන් පරිසර පද්ධතියට වී ඇති හානිය ගණනය කිරීම විද්වත් කමිටුවක් හරහා සිදු සිදු කෙරේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳුදා (මැයි 31), නැවේ කපිතන්වරයාගෙන් සහ ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.
ත්‍රිවිධ හමුදාවේ සහභාගිත්වයෙන් වෙරළ පිරිසිදු කිරීම සිදු කෙරේ.
තොරතුරු මූලාශ්‍රය