
mawbima.lk
Monkeypox හෙවත් වඳුරු උණ රෝගය පරීක්‍ෂා කිරීමට සහ රෝගය විනිශ්චය කිරීමට අවශ්‍ය සියලු ම යටිතල පහසුකම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ රසායනාගාරවල පවතින බව අචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඊට අවශ්‍ය ප්‍රතික්‍රියක මේ වන විට ඇණවුම් කර ඇති අතර එය ලබන සතියේදී මෙරටට පැමිණෙනු ඇති බව ය.
අවම වශයෙන් රටවල් 12කින් Monkeypox රෝගීන් 80 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන් ම, රෝග ලක්ෂණ පෙන්නුම් කරන තව ත් රෝගීන් 50 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති අතර ඔවුන්ට මෙම රෝගය වැළඳී ඇත් ද යන්න පිළිබඳව පරීක්ෂා කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.
යුරෝපීය රටවල් 9ක මෙන් ම අමෙරිකාව, කැනඩාව සහ ඔස්ටේලියාව යන රටවල්වලින් වඳුරු උණ වැළඳුනු රෝගීන් මේ වනවිට හඳුනා ගෙන ඇත.
Monkeypox වඳුරන්ගෙන් බෝවන රෝගයක් වන අතර එය zoonotic රෝගයක් වේ.
Zoonotic යනු, සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යන රෝගයක් වන අතර එය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ද පැතිර යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, කොන්දේ වේදනාව, සමේ කැසීම හෝ තුවාල ඇතිවීම වඳුර උණ රෝගයේ රෝග ලක්ෂණ වේ.