MC – BR 1976/2014, BR 2295/2014, BR 2296/2014, BR 2297/2014 – මහා පරිමාණ ගල් කැඩීම හා සම්බන්ධ නඩුකරය

මෙය කළුතර දිස්ත්‍රික්කයේ ගල්පාත, පාතකඩ ප්‍රදේශයේ සමස්ත ජන ජීවිතය අඩාල කරමින් හා පරිසරයට විශාල තර්ජනයක් එල්ල කරමින් නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන යනු ලැබූ මහා පරිමාණ ගල් කැඩීමේ, කාපට් තාර මිශ්‍ර කිරීමේ, ගල් කුඩු කිරීමේ ආයතන 04 කට එරෙහිව ඒවා නියමිත ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන ලෙස බලකරමින් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 98 වගන්තිය ප්‍රකාරව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද මහජන පීඩා නඩුකරයකි.


මෙහිදී මහේස්ත්‍රාත් අධිකරණය මහජන කරදරයක් නොමැති බවට තීන්දු කළ බැවින් අගතියට පත් ජනතාව වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රය කළුතර මහාධිකරණයේ ප්‍රතිශෝධන නඩුවක් නඩු අංක l HC (Rev) 29/2016 යටතේ ගොනු කළ අතර අනතුරුව එයද පසුව නිෂ්ප්‍රභා විය.

Chandana Sesath Jayakody

Read Previous

HC WA 13 / 2010 – කොළඹ ගංවතුර ගැටළුව සම්බන්ධ නඩුකරය

Read Next

MC 64172 / 06 / 2016 – ශබ්ද දූෂණය වැළැක්වීම සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »