
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වගන්තිය යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුවට නඩු නිමිත්ත වී ඇත්තේ ආගමික ස්ථානයක් වන පොල්හේන්ගොඩ ඇලන් මෙතිනියාරාම පන්සලේ ශබ්ධ විකාශන යන්ත්‍ර උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් අධික ශබ්දයෙන් භාවිතා කිරීම නිසා එය අවට පදිංචි ජනතාවගේ කායික හා මානසික සුවයට මෙන්ම කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධාවක් වීමයි. ඒ අනුව එකී ශබ්ධ පීඩාව අවම කර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි මෙම මහජන පීඩා නඩුකරය ගොනු කරන ලදී.
2016 දෙසැම්බර් මස 06 වන දින අධිකරණය විසින් මෙකී පෞද්ගලික පැමිණිල්ල සැලකිල්ලට ගෙන අවට පදිංචි ජනතාවට කරදරකාරී ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම වැළැක්වීම සඳහා කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදී. ඒ අනුව උඩුවේ ධම්මාලෝක හිමියන්ට පොල්හේන්ගොඩ ඇලන් මෙතිනියාරාම පන්සලේ ශබ්ද විකාශන යන්ත්‍ර පෙ.ව. 5.00 සිට පෙ.ව. 6.00 දක්වා පමණක් භාවිතා කළ හැකි බවට නියෝග කරන ලදී.