Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

MC 37475 / 04 / 2020 – මාදම්පිටියෙන් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීමට එරෙහි නඩුකරය

Teejay Lanka (Pvt) Ltd ආයතනයට අයත් ඉවතලන රසායනික හා අන්තරායකර අපද්‍රව්‍ය බවුසර් 19කට ආසන්න ප්‍රමාණයක් මාදම්පිටිය මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථානයෙන් මුහුදට බැහැර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව 2020 ජූලි මස 23 වන දින අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වගන්තිය ප්‍රකාරව පුද්ගලික පැමිණිල්ලක් හරහා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි මෙම මහජන පීඩා නඩුකරය ගොනු කරන ලදී.


එහිදී පැමිණිලිකරුවන් ඉල්ලා සිටියේ, පොලිස් භාරයේ රඳවා තිබූ එකී බවුසර්වල අන්තර්ගත වූ අපජලය විවෘත පරිසරයට හෝ මුහුදට බැහැර කිරීම මහජන සෞඛ්‍යයට හානිකර වූ බැවින් එම බවුසර් සුදුසු ආයතනයක් මගින් නීත්‍යානුකූලව නිරීක්‍ෂණය කොට බැහැර කිරීම සම්බන්ධව තීන්දුවක් ගන්නා තෙක් දැනට රඳවා ඇති ස්ථානයේම පොලිස් ආරක්‍ෂාව යටතේ රඳවා ගන්නා ලෙසට විත්තිකරුවන්ට එරෙහිව කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙසයි.


ඒ අනුව ගරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එකී අපද්‍රව්‍ය මුදාහැරීමෙන් වළකින ලෙසත්, අදාළ බවුසර් සුදුසු ආයතනයක් මගින් නීත්‍යානුකූලව නිරීක්‍ෂණය කොට බැහැර කරන තෙක් තවදුරටත් පොලිස් භාරයේ රඳවා තබා ගන්නා ලෙසත් නියෝග කරමින් කොන්දේසි සහිත ආඥාවක් එදිනම නිකුත් කරන ලදී.


2020 අගෝස්තු මස 19 වන දින එකී කොන්දේසි සහිත ආඥාව නියත ආඥාවක් බවට ප්‍රකාශයට පත් කරමින් ගරු මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියේ මහජන පීඩාවට අදාළ බවුසර් බැහැර කිරීම මහජන සෞඛ්‍යයට හානිදායක බැවින් එම බවුසර් මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් නීත්‍යානුකූලව නිරීක්‍ෂණය කොට බැහැර කිරීම කළ යුතු බවත්, බැහැර කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගන්නා තෙක් දැනට රඳවා ඇති ස්ථානයේ පොලිස් ආරක්‍ෂාව යටතේ රඳවා ගත යුතු බවටත් ය.

Chandana Sesath Jayakody

Read Previous

MC 14939 / 2017 – – කඩවත ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් සම්බන්ධ නඩුකරය

Read Next

දස වසරකට පසු රතු දත්ත පොත අලුත් වෙයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!