
වර්ෂාව හේතුවෙන් ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්වන බස්නාහිර පළාතේ සමස්ත ජනතාව වෙනුවෙන් බස්නාහිර පළාත්බද මහාධිකරණයේ මැන්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලා සිටිමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2010 වසරේ දී මෙම රිට් නඩුව ගොනු කරන ලදී.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරී, පරිසර අමාත්‍ය සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තකරුවන් ලෙස නම් කරමින් කොළඹ නගරය ඇතුළුව සමස්ත බස්නාහිර පළාතේම වැසි ජලය ක්‍රමානුකූල ලෙස බැස යාම සඳහා නිසි කානු පද්ධතියක් සකස් කිරීමට අදාළව වගකිවයුතු පාර්ශවයන් යොමු කරවීම පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලීම විය.
ඒ අනුව අධිකරණයට සැලැස්මක් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීමට වගඋත්තකාර පාර්ශවයන් සහතික වීමෙන් අනතුරුව පැමිණිලිකරුවන් විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.