Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

HC WA 03 / 2009 –කඳාන ප්‍රදේශයේ ඌරු කොටු ගැටළුව සම්බන්ධ නඩුකරය

two young piglet on hay and straw at pig breeding farm

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2009 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරිය, ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ නීතිපති යන වගඋත්තරකරුවන්ට එරෙහිව පළාත්බද මහාධිකරණයේ මෙම රිට් නඩුව ගොනු කරන ලද්දේ කඳාන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ඌරු කොටු දෙකකට එරෙහිව වගඋත්තරකාර පාර්ශවයන් ලවා ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කරවීම අරමුණු කරගෙනය.
මෙකී නීතිවිරෝධී ඌරු කොටු අවශ්‍ය ප්‍රමිතීන්වලට අනුකූලව පවත්වාගෙන නොයාමත්, ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් සහ පළාත් පාලන ආයතනයෙන් බලපත්‍ර ලබා නොගැනීමත්, වගඋත්තරකරුවන් ඔවුන්ට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල බලාත්මක කිරීමට පොහොසත් වීමත්, ඒ හේතුවෙන් අවට පදිංචි සාමාන්‍ය ජනතාවට බරපතල ආර්ථික, සමාජීය හා පාරිසරික ගැටලු ඇති වීමත් මෙම නඩුවේ දී ඉස්මතු කළ කරුණු අතර විය.
දෙපාර්ශවයේම සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව පළාත්බද මහාධිකරණය විසින් පෙත්සම්කරුට පක්ෂව තීන්දුව ලබා දෙන ලදී.

Chandana Sesath Jayakody

Read Previous

ඉන්ධන පිරිමැස්මට ප්‍රාඩෝවලින් පුළුවන්ද

Read Next

HC WA 13 / 2010 – කොළඹ ගංවතුර ගැටළුව සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!