Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

CA WR 516 / 2015 -සොරගුණේ වනාන්තරය ආක්‍රමණය කිරිම සම්බන්ධ නඩුකරය

සොරගුණේ වනාන්තරය ආක්‍රමණය කරමින් සිදු කළ නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් පෙත්සම්කරුවන් තිදෙනෙක් විසින් 2015 දෙසැම්බර් මස 18 වන දින අභියාචනාධිකරණයේ රිට් අයදුම්පතක් ගොනු කළහ.

ඒ 2013 අගෝස්තු 22 දිනැති අංක 1824/20 දරණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද වන රක්ෂිත ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියාකාරකම් ගණනාවක නිරත වීම, වනාන්තර රක්ෂිත ප්‍රදේශයෙන් සහ සොරගුණේ දේවාලයට අයත් දේපළෙන් කොටසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම, වනාන්තර රක්ෂිත ප්‍රදේශය නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීමේ නිරත වීම, වේලි ඔයේ නීති විරෝධී ලෙස වැලි කැණීම් සිදු කිරීම යනාදී පාරිසරික උපද්‍රව ගණනාවකට එරෙහිවයි. තවදුරටත් සොරගුණේ වනාන්තරයේ අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් සහන පදනමට (Help Foundation) බදු දී ඇති අතර වැලි කැණීමේ අරමුණින් එම වනාන්තරය නීති විරෝධී ලෙස කපා ඉවත් කිරීම සිදු කර තිබේ.

මෙහිදී අධිකරණය විසින් නඩුවේ සිය ලු‍ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සොරගුණේ දේවාලයත් ඊට සම්බන්ධ සෑම ඉඩමක්ම රජය යටතට අත්පත් කර ගැනීමට තීරණය කළ අතර මැනුම් දෙපාර්තමේන්තුව හරහා එකී ඉඩම් පැහැදිලිව හඳුනාගෙන අයිතිය තහවුරු කර දෙන ලෙස නීතිපතිවරයාට නියම කරන ලදී. පෙත්සම්කරු විසින් පෙත්සමෙන් ඉල්ලා සිටි සියලු සහන ලබා දුන් බැවින් නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.

Chandana Sesath Jayakody

Read Previous

CA (PHC) APN 01 / 2015 -වට්ටමඩු රක්ෂිතය සම්බන්ධ නඩුකරය

Read Next

CA WR 365 / 2016 – වේයන්ගොඩ කැලිකසල බැහැර කිරිම සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!