Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

CA WR 349 / 2020 – රසායනික අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම සම්බන්ධ නඩුකරය

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2020 සැප්තැම්බර් මස 18 වන දින මෙම මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුකරය ගොනු කරනු ලැබුවේ කොළඹ මහ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන මාදම්පිටිය මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථානයෙන් මළ අපද්‍රව්‍ය බැහැර කිරීම හැරුණු විට වෙනත් අපද්‍රව්‍ය සාගරයට බැහැර කිරීම තහනම් වුවද නීතිවිරෝධී ලෙස විෂ සහිත අන්තරායකර හෝ අපජලය සාගරයට බැහැර කිරීම දිගින් දිගටම සිදුවන බැවින් එය වැළැක්වීම සඳහායි.

මෑතදී, සීතාවක කාර්මික කලාපයේ පිහිටි Teejay Lanka (Pvt) Ltd ආයතනයෙන් මාදම්පිටියට ප්‍රවාහනය කරන ලද අපද්‍රව්‍ය රැගත් බවුසර් 19න් 05ක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, විශේෂ කාර්ය සාධක බලකාය සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ පරිසර පොලිස් ඒකකයේ සම්බන්ධීකරණ උත්සාහයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, කබුරාපොල ඉංජිනේරු සහ ඉදිකිරීම් ආයතනය,
පොලිස්පති, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති සහ නීතිපති යන වගඋත්තරකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

මෙහිදී පෙත්සම්කරුවන් තවදුරටත් ඉල්ලා සිටින්නේ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ සියලු‍ වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත්, එවැනි විෂ සහිත අන්තරායකර අපද්‍රව්‍ය මුහුදට හා වෙනත් ස්ථානවලට බැහැර කිරීම පිළිබඳව සොයා බැලීමටත්, මුහුදට අපජලය බැහැර කිරීමේ පහසුකම් නිරීක්ෂණය කිරීමටත්, පරිසර පොලිස් ඒකක සහ සන්නද්ධ හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව අපද්‍රව්‍ය මුහුදට හා වෙනත් ස්ථානවලට බැහැර කරන සහ කළමනාකරණය කරන ලද මුරපොලවල් ස්ථාපිත කිරීමටත්, කර්මාන්තවලින් එලෙස පරිසරයට හානිකර අපද්‍රව්‍ය නීති විරෝධී ලෙස බැහැර කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ය. මෙම නඩුව දැනට විභාග වෙමින් පවතී.

Chandana Sesath Jayakody

Read Previous

CA WR 128 / 2020 – ගල්කිස්ස වෙරළ දූෂණය වීම සම්බන්ධ නඩුකරය

Read Next

Gentle giants and cultural cruelties

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!