
Pams Power (Pvt) Ltd නම් ව්‍යාපෘති යෝජකයා විසින් “කෙහෙල්ගමු ඔය කුඩා ජල විදුලි ව්‍යාපෘතිය” දාගම්පිටිය – ගිනිගත්හේන හිදී ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර කිතුල්ගල ගඟේ පිහිටි කුඩා ජල විදුලි බලාගාරයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ කිතුල්ගල සංචාරක කලාපීය පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා සමඟ එක්ව 2017 වසරේ දී මෙම රිට් අයදුම්පත ගොනු කරන ලදී.
1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර සියලුම ව්‍යාපෘති යෝජකයින් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කළ යුතුය. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සඳහා ව්‍යාපෘති අනුමත කරන බලධාරි ආයතනවලින් ඔවුන්ට නිසි අනුමැතියක් ලැබී නොමැත.
සියලු කරුණු විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් තවදුරටත් ඉදිකිරීම් නවතා දමන ලෙස ව්‍යාපෘති යෝජකයාට කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කරන ලදී. එහෙත් පෙත්සම්කරුවන් විසින් බැලූ බැල්මට (Prima Facia) නඩුවක් ස්ථාපිත කර නොමැති බව නිරීක්ෂණය කරමින් අභියාචනාධිකරණය මෙම කාරණය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලදී.