Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

CA WR 264 / 2019 – හන්තාන නිවාස ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

2019 ජුලි මස 10 වන දින පෙත්සම්කරුවන් මෙම මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුව ගොනු කර ඇත්තේ ජාතික නිවාස

සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මහනුවර පිහිටි හන්තාන නිවාස ව්‍යාපෘතියට (අදියර 2 සහ 3 වන අදියර) එරෙහිවයි. උක්ත ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථ වන්නේ හන්තාන වතුයාය ලෙස නම් කර ඇති ඉඩම අවහිර කර නිවාස ඉදිකිරීම සහ නේවාසික හෝ වාණිජ කටයුතු සඳහා විකිණීම වේ.


මෙහිදී මැන්ඩාමුස් රිට් ආඥාවක් හරහා පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම හන්තාන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ පාරිසරික සංවේදී කලාපයක් තුළ වන බැවින් ඒ සඳහා පාරිසරික තක්සේරු වාර්තාවක් සිදු කරන ලෙසයි. දැනටමත් අනුමත කර ඇති මූලික පාරිසරික වාර්තාව අහෝසි කිරීම සඳහා සර්ෂියෝරාරි ආඥාවක් ද ඉල්ලා සිටී.

පරිසර යුක්ති කේන්ද්‍රය, පළමු පෙත්සම්කරු ලෙසද, හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් සහ තවත් අය අනෙකුත් පෙත්සම්කරුවන් වශයෙන්ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ එහි සභාපති, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර කඩවත් සතර ගඟවට කෝරලයේ ප්‍රාදේශීය සභාවේ සභාපති සහ නීතිපති යන පාර්ශවයන් වගඋත්තරකරුවන් වශයෙන් ද පෙනී සිටී. දැනට මෙම නඩුව විභාග වෙමින් පවතී.

Chandana Sesath Jayakody

Read Previous

CA WR 29 / 2017 – කෙහෙල්ගමු ඔය කුඩා ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

Read Next

CA WR 303 / 2019 – ආනයනික කසළ කන්ටේනර් සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!