Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

CA WR 26 / 2020 – හබරණ අලි හත් දෙනෙකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධ නඩුකරය

2020 පෙබරවාරි මස 10 වන දින පරිසර හා වනජීවී අමාත්‍ය, පොලිස්පති, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති වගඋත්තරකරුවන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම මැන්ඩාමුස් රිට් නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවෙන් පෙත්සම්කරුවන් අයැද සිටින්නේ හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් 07 දෙනෙකු අභිරහස් අන්දමින් මිය යාම පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට සුදුසු දඬුවම් ලබාදෙන ලෙසත්, අලි ඇතුන් මිනිසුන්ට සහ ඔවුන්ගේ දේපලවලට පහර දීම අවම කිරීම ඇතුළු අලි ඇතුන්ගේ ආරක්ෂාව සඳහා ජාතික ප්‍රතිපත්තියක්/මාර්ගෝපදේශ/කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට වගඋත්තරකරුවන් මෙහෙයවන ලෙසත් ය.

ඒ අනුව 2020 අගෝස්තු 06 වන දින වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණයෙන් නියෝග කරන ලදී. මෙකී නඩුකරය දැනට අධිකරණයේ විභාග වෙමින් පවතී.

Chandana Sesath Jayakody

Read Previous

CA WR 12 / 2020 – වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම සම්බන්ධ නඩුකරය

Read Next

CA WR 128 / 2020 – ගල්කිස්ස වෙරළ දූෂණය වීම සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!