පරිසර යුක්ති කේන්ද්‍රය 2020 ජුනි මස 19 වන දින මෙම මැන්ඩාමුස් රිට් නඩුව ගොනු කරන ලද්දේ පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් වෙරළ කලාපය දූෂණය වීම වැළැක්වීමට නිසි නෛතික ක්‍රියාමාර්ග නොගැනීම සහ නිසි පාරිසරික තක්සේරු ඇගයීම් වාර්තාවකින් තොරව ගල්කිස්ස වෙරළට වැලි පිරවීමේ ව්‍යාපෘතිය සිදු කිරීමට එරෙහිවයි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම
පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.
1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත, 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත හා 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත උල්ලංඝනය වීම කෙරෙහි මූලික අවධානය දක්වමින් මෙම ගොනු නඩුව කර ඇත. විශේෂයෙන් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් අයැද සිටින්නේ තනි භාවිත ප්ලාස්ටික් (Single Use Plastics) භාවිතය අවම කිරීම හෝ තහනම් කිරීම සඳහා රෙගුලාසි සකස් කරන ලෙසත්, අපද්‍රව්‍ය බැහැර කිරීම මඟින් වෙරළබඩ කලාපය හා සාගරය දූෂණය වීම වැළැක්වීම
සඳහා නියමිත ප්‍රතිපත්ති, සැලසුම් හෝ උපාය මාර්ග සකස් කරන ලෙසත්, ශ්‍රී ලංකා වෙරළ කලාපය සහ වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම – 2018 (Coastal Zone and Coastal Resources Management Plan – 2018) ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, වෙරළබඩ කලාපයේ සිදු කරන ව්‍යාපෘතීන් සඳහා පාරිසරික තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් අංක 772/22 සහ 1993 ජුනි 24 දින දරණ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට අමාත්‍යවරයාට නියම කරන ලෙසත් ය.
දැනට මෙම නඩුව විභාග වෙමින් පවතී.