
පෙත්සම්කරුවන් විසින් 2020 ජනවාරි 17 වන දින මෙම මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුව අභියාචනාධිකරණයේ ගොනු කරන ලද්දේ 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 වන වගන්තිය ප්‍රකාරව දේශීය කර්මාන්ත හා ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වැලි, පස් හා මැටි ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර / අවසර පත්‍ර ලබා ගැනීම සඳහා පවත්නා අවශ්‍යතාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 04 වන දින ගනු ලැබූ කැබිනට් තීරණයෙන් අනතුරුව එකී බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වීම නතර වී තිබීම හේතුවෙනි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 16 දෙනෙක්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, පොලිස්පති
සහ නීතිපතිවරයා නම් කර ඇත. පෙත්සම්කරුවන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම කැබිනට් තීරණයෙන් පසුව නීති විරෝධී වැලි කැනීමේ ස්ථාන හා වැලි ප්‍රවාහනය කිරීම් ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවයි. මෙවන් පසුබිමක් තුළ කැනීම්කරුවන් සහ ග්‍රාමීය ප්‍රජා කණ්ඩායම් අතර ගැටළු උග්‍ර වී ඇති බවත්, පස් සහ වැලි කැනීම් මගින් ඇති වූ උග්‍ර හානි හේතුවෙන් නාය යෑම්, පාංශු ඛාදනය, ගං ඉවුරු ඛාදනය හා ගං ඉවුරු පුළුල් වීම, මුහුදු ජලය රට තුළට ගලා ඒම යනාදී පාරිසරික ගැටළු තව තවත් වැඩි වනු ඇති බවයි.
ඒ අනුව පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 වන වගන්තිය කිසිඳු සංශෝධනයකට ලක් කොට නොමැති බැවින් මෙකී ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අඛණ්ඩව සහ විධිමත්ව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙසට අභියාචනාධිකරණය විසින් පොලිස්පතිට නියෝග කරන ලදී.