
අම්පාර-බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතයේ වට්ටමඩු ප්‍රදේශයේ වසර ගණනාවක සිට නීති විරෝධි ලෙස කැලෑ එළිකරමින් සිදු කරන ලද අනවසර වගා කටයුතු නවතා දමන ලෙස ඉල්ලමින් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 19878/PC/2014 යටතේ ගොනු කළ නඩුව නැවත කල්මුණේ පළාත්බද මහාධිකරණයේ නඩු අංක HCEP/REV/122/2014 යටතේ ප්‍රතිශෝධන ඉල්ලීමක් යටතේ ගොනු කළ අතර එකී ප්‍රස්තුතයම වෙනුවෙන් අභියාචනාධිකරණයේ රිට් නඩුකරයක් ද ගොනු කරන ලදී.
වී ගොවීන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගය අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලද අතර මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වන පරිසර යුක්ති කේන්ද්‍රයේ වාසියට තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය නියෝග කළේ රක්ෂිතය හෝ කිරි ගවයන් සඳහා වෙන් කරන ලද තණ බිම් ප්‍රදේශය වගා කටයුතු සඳහා එළි පෙහෙලි කිරිම නවතා දමන ලෙසටයි.