Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

BREAKING NEWS: තුර්කි භූ කම්පනයෙන් මිය ගණන 1,000 ඉක්මවයි

mawbima.lk – Tharaka Samman

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මිය ගිය ගණන 1,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දුන්නේ, භූ කම්පාව හේතුවෙන් තුර්කියේ පමණක් පුද්ගලයන් 912 දෙනෙකු මිය ගොස් 5,383 දෙනෙකු තුවාල ලබා ඇති බව තුර්කි ජනාධිපතිවරයා පැවසූ බව ය.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව කොපමණ ඉහළ යනු ඇත්දැයි අනාවැකි කිව නොහැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, 1939 වසරෙන් පසු රටේ සිදුවූ විශාලතම ව්‍යසනය මෙය වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගිලි 2,818ක් කඩා වැටී ඇති බව ය.

රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයක් සටහන් කර තිබූ තුර්කියේ සිදු වූ විශාලතම භූමිකම්පාව ලෙස සැලෙකෙන එය එරට වේලාවෙන් පස්වරු 04:17ට සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ඇති වී තිබිණි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ජලභීතිකා මරණ වාර්තා වීමේ ‘ඉහළ අවදානමක්’ ඇති බවට අනතුරු ඇඟවීමක්

Read Next

පරාක්‍රම සමුද්‍රය වාන් දමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!