
Three Victorian School Strikers protest against AGL Energy’s burning of coal at their coal-fired power station, Loy Yang A, in the La Trobe Valley. Ash 17, Shoi 18 and Ella 14. Loy Yang A was commissioned in 1985 and is due to close by 2048, which is well beyond what scientists are calling for in order to prevent further catastrophic climate change (2030). AGL Energy is Australia’s single biggest climate polluter.
චන්දන සේසත් ජයකොඩි – news.ejustice.lk
ග්‍රීන්පීස් ඕස්ට්‍රේලියා පැසිෆික් සංවිධානය විසින් ඔස්ට්‍රේලියාවේ විශාලතම විදුලි බලශක්ති උත්පාදකයා වන AGL සමාගම “ඔස්ට්‍රේලියාවේ විශාලතම දේශගුණය වනසන්නා” ලෙස නම්කරමින් 2021 මැයි මස මුලදී දියත් කරන ලද දැනුම්වත් කිරීමේ ජනතා උද්ඝෝෂණයක දී ග්‍රීන් පීස් සංවිධානයේ ලකුණ සමග සඳහා AGL සමාගමේ ප්‍රචාරක ලාංඡන ද භාවිත කරන ලදී.
මෙය ඕස්ට්‍රේලියාවේ වෙළඳ ලකුණ සහ ප්‍රකාශන හිමිකම් නීතිය උල්ලංඝණය කරන්නක් බව පවසමින් AGL සමාගම විසින් ග්‍රීන්පීස් සංවිධානයට නඩු පවරා ඇත.
එහෙත් එයට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරන ග්‍රීන්පීස් ඕස්ට්‍රේලියා පැසිෆික් සංවිධානය පවසන්නේ එම උද්ඝෝෂන ව්‍යාපාරයේ දී ඒජීඑල් සන්නාමය යොදාගත්තේ පරිසර දූෂකයෙකු පිළිබඳ ජනතාව දැනුම්වත්කිරීමේ වැඩසටහනක් සඳහා මිස කිසියම් ආකාරයේ විකිණීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් නොවන නිසා තමන් අදාල නීතිය යටතේ වරදක් සිදුකර නොමැති බවයි.
මෙහිදී ග්‍රීන්පීස් ඔස්ට්‍රේලියා පැසිපික් සංවිධානය විසින් AGL සමාගමට ඉදිරිපත්කරන ප්‍රමුඛතම චෝදනාව වන්නේ ඔවුන් විසින් ජනනය කරන විදුලියෙන් 80% පොසිල ඉන්ධන භාවිතයෙන් ලබාගන්නා නමුත්, තම සමාගම පරිසර හිතකාමී පුනර්ජනනීය විදුලිය නිශ්පාදනය කරන සමාගමක් බව ප්‍රචාරය කිරීමේ ජනතාව නොමග යවන බවයි. වෙනත් ඕනෑම සමාගමකට වඩා ඔස්ට්‍රේලියාවේ දේශගුණික වෙනස්වීමලට බලපෑම් කරන ප්‍රමුඛ සමාගමක් වන AGL සමාගම “ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම දේශගුණ දූෂකයා” ලෙස හැඳින්විය හැකි බවට ග්‍රීන්පීස් ඕස්ට්‍රේලියා පැසිෆික් සංවිධානය චෝදනා කරයි.
ඕස්ට්‍රේලියාව පුරා ප්‍රාන්ත කිහිපයක විදුලිය ජනනය කරන AGL සමාගම ඕස්ට්‍රේලියානු නිවාස වලින් තුනෙන් එකකට පමණ විදුලිය සපයන අතර මෙගාවොට් 11,000 කට වඩා වැඩි ජනන ධාරිතාවක් ඇති, ඕස්ට්‍රේලියාවේ ජාතික බලශක්ති වෙළඳපොළෙන් සියයට 20 ක් පමණ නියෝජනය කරන දැවැන්ත ව්‍යාපාරික ආයතනයකි.
චන්දන සේසත් ජයකොඩි – news.ejustice.lk