
divaina.lk
බලපත්‍රයක් නොමැතිව ඇමෝනියම් සල්පේට් හා තවත් පොහොර කිලෝ ග්‍රෑම් 12000 ක් මන්නාරමේ සිට මඩකලපුව එරාවූර් ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කළ ලොරියක් හා සැකකරුවන් දෙදෙනෙකු හොරොව්පතාන මොරවැව පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් අත් ඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා හොරොව්පතාන ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 හා 41 යන වයස් වල පසු වන දෙදෙනෙකි.
ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එන ලද මෙම ඇමෝනියා සල්පේට් රසායන ද්‍රව්‍ය හා මෙතෙක් හදුණා නොගත් පොහොර තොගය රුපියල් ලක්ෂ හතලිහකට ආසන්න බවට ගණන් බලා තිබේ.