
නව හූනන් වර්ග විශේෂ දෙකක් මෙරටින් සොයා ගැනේ. එම සතුන් මෙරට පරිසරවේදින් දෙදෙනෙකුගේ නමින් නාමකරණය කර ඇත. එම පරිසර ක්‍රියාකාරින්ට ගෞරවයන් පිණිස එසේ කර තිබේ පරිසරවේදීන් වන සමන්ත ගුනසේකර සහ ආචාර්ය ජගත් ගුනවර්ධන යන මහත්වරුන්ගේ නම්මේ සඳහා යොදාගෙන තිබේ . ඒ අනුව සිනමාස්පීිස් ගුනසේකරෙයි සහ සිනමාස්පීස් ගුනවර්ධනෙයි ලෙස එම විශේෂ වර්ග දෙක නම්කර ඇත. නව විශේෂ සොයාගෙන ඇත්තේ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකි. මේ සමබන්ධයෙන්වු පර්යේෂණ පත්‍රිකාව ඉකුත්දා ප්‍රකාශයට පත්කෙරුණු ආසියාවේ ජෛව විවිධත්වය පිළිබඳ තැප්රොබේනිකා ඔන්ලයින් සගරාවෙ දක්වා ඇත. මෙම හුූනු විශේෂ ශ්‍රි ලංකාවට ආවේනික පහත්බිම් තෙත් සහ පහත්බිම් වියලි කලාපවල හුදකලා පාෂාන කඳුවලට සිමාවී ඇත. එමෙන්ම රතු දත්ත ලයිස්තුව අනුව මෙම විශේෂ දෙකම බරපතල වඳවී යාමේ තර්ජනයට මුහුණදී සිටී.
තොරතුරු මූලාශ්‍රය
හූනන් විශේෂ දෙකකට මෙරටින් නම්