හරිත සමාජ-ආර්ථිකය රටට ගලපා ගන්නේ කෙසේද…?

divaina.lk

ලොව බොහෝ රටවල කෘෂි රසායනික හා පොහොර සීමා කරන තිරසාර කාබනික ගොවිතැන පිළිබඳව පර්යේෂණයන් සිදුකර නව උපක‍්‍රම, ක‍්‍රමවිධි හා තාක්ෂණයන් සොයාගෙන ඇත. ඔවුහු පළමුව ඉලක්කයන් හා ඊට සරිලන ප‍්‍රමිතීන් සැකසීමත්, අනතුරුව හොඳම ක‍්‍රම අනුගමනය කිරීම සඳහා ආයෝජනය කිරීමත්, ගොවීන්ව ඒ සඳහා යොමුකිරීමත් සාර්ථකව සිදුකරති. ශ‍්‍රී ලංකාව තුළ ද හරිත සමාජ-ආර්ථික ආකෘතියක් අනුගමනය කිරීමට වත්මන් රජය ගත් ප‍්‍රතිපත්තිමය තීරණය අපි ඉතා අගයකොට සලකමු.

මේ වනවිට ලොව බොහෝ රටවල කෘෂි රසායනික හා පොහොර සීමා කරන තිරසාර කාබනික ගොවිතැන පිළිබඳව පර්යේෂණයන් සිදුකර නව උපක‍්‍රම, ක‍්‍රමවිධි හා තාක්ෂණයන් සොයාගෙන ඇත. ඔවුහු පළමුව ඉලක්කයන් හා ඊට සරිලන ප‍්‍රමිතීන් සැකසීමත්, අනතුරුව හොඳම ක‍්‍රම අනුගමනය කිරීම සඳහා ආයෝජනය කිරීමත්, ගොවීන්ව ඒ සඳහා යොමුකිරීමත් සාර්ථකව සිදුකරති.

ශ‍්‍රී ලංකාව තුළ ද හරිත සමාජ-ආර්ථික ආකෘතියක් අනුගමනය කිරීමට වත්මන් රජය ගත් ප‍්‍රතිපත්තිමය තීරණය අපි ඉතා අගයකොට සලකමු.

ඉහත සඳහන් පුළුල් සංවර්ධන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, 2021 මැයි 6 වන දින අංක 2226/48 ගැසට් පත‍්‍රය මගින් රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනය කිරීම වහාම සීමා කිරීම සඳහා අලූතින් හඳුන්වා දී ඇති රෙගුලාසිවල යෝග්‍යතාවය පිළිබඳව යම් යම් කරුණු ඔබ වෙත ගෙන ඒමට අපි අපේක්ෂා කරමු. පොහොර හා පළිබෝධනාශක සඳහා ආනයන තහනමක් ක‍්‍රියාත්මක කිරීමත් සමඟ රසායනික පොහොර හා පළිබෝධනාශක සඳහා නිසි ආදේශක නොමැති වීමෙන් සිදුවිය හැකි අස්වනු හානි නිසා විශාල ආර්ථික අලාභයක් සිදුවනු ඇතැයි ශ‍්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය අනාවැකි පළකරයි. ආහාර සුරක්ෂිතතාව, ගොවි ආදායම, විදේශ විනිමය ඉපැයීම් සහ ග‍්‍රාමීය දරිද්‍රතාවයට ඇතිවිය හැකි ක්ෂණික අහිතකර බලපෑම්, දිගු කාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධාවන් විය හැකිය. ආනයනික තහනම පිළිබඳව ශ‍්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමයයේ මූලික සලකා බැලීම් සහ එහි සාමාජිකයන් විසින් යෝජනා කරන අඩු පිරිවැය ප‍්‍රතිපත්ති විකල්පයන් රජයේත්, ජනාධිපතිතුමන්ගේත් කාරුණික විමර්ෂණයට සහ සලකා බැලීමට ලක් කිරීම සඳහා පහත දක්වා ඇත.
්ග කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කෘෂි-රසායනික ආනයනය සීමා කිරීමේ යෝග්‍යතාවය

කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් දැනට හඳුනාගෙන ඇති ප‍්‍රතිපත්තිමය මෙවලම ක‍්‍රියාත්මක කිරීමේදී ඉමහත් සැලකිල්ලට භාජනය විය යුතු ආර්ථික හානි විවිධ ක්ෂේත‍්‍රයන් හරහා සිදුවිය හැකි බව අපගේ අදහසයි. එමෙන්ම, එය රජයේ අනෙකුත් ප‍්‍රතිපත්තිමය අරමුණු සමඟ නොගැළපෙන බව අපට හැඟී යයි.

  1. සමාජ ආර්ථික පිරිවැය. වර්තමාන කෘෂිකර්මාන්තය කාබනික ගොවිතැනක් බවට පරිවර්තනය කිරීමේදී රජය තාක්ෂණික, පාරිසරික හා ආර්ථික වියදම් සහ ප‍්‍රතිලාභ ඉතා හොඳින් විශ්ලේෂණය කළ යුතුව ඇත. ආනයන තහනමෙන් ආර්ථිකයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ශ‍්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය විසින් කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයන්හි මූලික සොයා ගැනීම් සහ අදාළ ගණනය කිරීම් ඔබේ කාරුණික අවධානය සඳහා පහත දක්වා ඇත. (a) රසායනික පොහොර කාබනික පොහොර මගින් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිස්ථාපනය කළහොත් වීවලින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න 25% කින් පහත වැටෙනු ඇතැයි කෘෂි විද්‍යාත්මක අධ්‍යයනවලින් හෙළි වී තිබේ. මෙලෙස අඩුවන ඵලදායීතාවය හේතුවෙන් වී ගොවිතැනේ ලාභය 33% කින් අඩු විය හැකි අතර සහල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරමින් කාබනික පොහොර සමඟ වී වගා කළහොත් එහි වක‍්‍ර බලපෑමක් ලෙස සහල් පරිභෝජනය 27% කින් අඩු විය හැකිය. එනමුත්, රසායනික පොහොරවල නිර්දේශිත මාත‍්‍රාව සමඟ කාබනික පොහොර යෙදීමෙන් ගොවිතැනේ ලාභදායීතාවය 16% කින් වැඩි වේ. (b) රසායනික පොහොර රහිතව කෙරෙන වර්ධක ප‍්‍රචාරණයෙන් සාදාගත් තේ (VPT) වගාවේ ඵලදායීතාවය බෙහෙවින් අවම වේ. ඵලදායීතාවය 35% කින් පහත වැටීමත් සමඟ තේ අපනයන පරිමාව කිලෝග‍්‍රෑම් මිලියන 279 සිට 181 දක්වා පහත වැටෙනු ඇති අතර එමඟින් ඩොලර් බිලියන 84 ක ආදායමක් අහිමි වේ. කුඩා තේ වතු හිමියන්ට සාපේක්ෂව වතු අංශයට සැලකිය යුතු අලාභයක් සිදුවනු ඇත. මහා පරිමාණයෙන් කාබනික පොහොර යෙදීම සඳහා ශ‍්‍රම පිරිවැය වැඩිවීම හේතුවෙන් මෙම පාඩුව තවදුරටත් උග‍්‍ර විය හැකිය. (c) රසායනික පොහොර හා පළිබෝධනාශක යොදන්නේ නැත්නම් පොල් අස්වැන්න 30% කින් පහත වැටෙනු ඇත. මෙම තත්ත්වය පොල්තෙල්, වියළන ලද පොල් (DC) සහ අනෙකුත් අගය වැඩි කළ පොල් නිෂ්පාදන සඳහා නැවුම් පොල් ලබා ගැනීමට අහිතකර ලෙස බලපානු ඇත. පොහොර යෙදී ඇත්තේ පොල් වගා කර ඇති මුළු භූමි ප‍්‍රමාණයෙන් 26% ක් පමණි යන උපකල්පනය මත පදනම් වුවහොත් විදේශ විනිමය ඉපැයීම්වල අලාභය ඩොලර් බිලියන 18 ක් තරම් ඉහළ අගයක් ගනී. ආහාරයට ගත හැකි තෙල් ආනයනය සඳහා වන අතිරේක පිරිවැය සලකා බලන විට, විදේශ විනිමය ඉපැයීම් අහිමි වීම ඊටත් වඩා වැඩි වනු ඇත. (d) ඉහත දක්වන ලද දත්ත කෘෂිකාර්මික උප අංශ තුනකට ඇතිවිය හැකි ක්ෂණික බලපෑම් සැලකිල්ලට ගනිමින් නිර්ණය කර ඇති අතර ඊට අනුව ඉදිරියේදී ඇති විය හැකි මධ්‍යම හා දීර්ඝ කාලීන ආර්ථික බලපෑම විශ්ලේෂණයේදී තහවුරු වන්නේ කෘෂිකාර්මික ඵලදායීතාවය 20% ක සාමාන්‍ය අගයකින් අඩු වීම, දළ දේශීය නිෂ්පාදිතය (GDP) 3.05% කින් අඩුවීමට හේතු වන බවයි. මේ අනුව ආනයන තහනම ක‍්‍රියාත්මක කිරීමත් සමඟ ආර්ථිකයේ ඇති විය හැකි සමස්ත සංකෝචනය පිළිබිඹු වේ.
  2. වෙනත් සංවර්ධන ප‍්‍රතිපත්ති සමඟ අනුකූල නොවීම පිළිබඳ ගැටලූ යෝජිත ප‍්‍රතිපත්තිමය මෙවලම හා ‘රට හදන සෞභාග්‍යයේ දැක්මහි සඳහන් ප‍්‍රතිපත්තිමය අරමුණු අතර නොගැළපීම් ඇති බව දක්නට ලැබේ. ශ‍්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමයේ සාමාජිකයින් විසින් ඉස්මතු කරන ලද ප‍්‍රතිපත්තිමය නොගැළපීම් කිහිපයක් පහත දැක්වේ (වරහන් තුළ සෞභාග්‍යයේ දැක්මෙහි අදාළ ප‍්‍රකාශය පෙන්වා ඇත). (a) කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම (අගයට එකතු කිරීමේ තාක්ෂණය හා මුසුවන අපේ ගොවිතැන ජාත්‍යන්තර අපනයනය කරා ගෙන යාම): පවතින කෘෂිකර්මාන්තය පූර්ණ කාබනික කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය කිරීම රජයේ ප‍්‍රතිපත්තීන්හි ප‍්‍රධාන පරමාර්ථයක් ලෙස සලකා ක‍්‍රියාත්මක වනවාට වඩා, කාබනික හා සුරක්ෂිත ආහාර සැපයුමක් තිරසාර ලෙස සැපයිය හැකි, ගොවීන්ගේ ආදායම ඉහළ මට්ටමක පවත්වා ගන්නා ගොවිතැන් ක‍්‍රමවිධි පවත්වාගැනීම සුදුසු බව ශ‍්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය යෝජනා කරයි. (b) රට ආහාර ස්වයංපෝෂිතභාවය කරා රැුගෙන යෑම (වසර 2025 වනවිට අදාළ නිෂ්පාදනවලින් රට ස්වයංපෝෂිත කිරීම): ඉහත A a වගන්තියේ වාර්තා කර ඇති ඇස්තමේන්තුවලින් පෙන්නුම් කරන්නේ අස්වැන්න අඩුවීම හේතුවෙන් රට තුළ ආහාර හිඟයක් ඇති වනු ඇති බවයි. කෙසේ වෙතත්, වර්තමාන ආහාර ස්වයංපෝෂිතභාවය පිළිබඳ රජයේ ප‍්‍රතිපත්තිය, ප‍්‍රතිපත්ති සම්පාදකයින්ට ආනයන මගින් මෙම හිඟය පිරවීමට ඉඩ ලබා නොදේ. එවැනි තත්ත්වයක් යටතේ ආහාර මිල උද්ධමනය, නොසන්සුන්තාව සහ සාගින්න ඇතිවීමට ඉතා විශාල ඉඩක් පවතී. (c) ප‍්‍රජා අයිතීන් (ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක්): තෝරාගත් ප‍්‍රතිපත්තිමය මෙවලම ගොවීන්ට පරිසර හානි අවම වන ලෙස අඩු වියදම් ආහාර නිෂ්පාදන ක‍්‍රමවේද කරා යෑමට ඉඩ ප‍්‍රස්ථාව සලසන තරම් නම්‍යශීලී නොවේ. මෙය ගොවීන්ගේ ප‍්‍රජා අයිතීන් සම්බන්ධ රාජ්‍ය ප‍්‍රතිපත්තිමය අරමුණට අහිතකර ලෙස බලපෑ හැකිය. (d) ග‍්‍රාමීය-නාගරික සංක‍්‍රමණය (ග‍්‍රාමීය සංවර්ධනය කලාපීය සංවර්ධනය හා සම්බන්ධ කිරීම): ගොවිතැනෙහි ලාභදායීතාවය අඩුවීම හේතුවෙන් ග‍්‍රාමීය ආර්ථිකය සංකෝචනය හේතු කොටගෙන මිනිසුන් ග‍්‍රාමීය පෙදෙස්වල සිට නාගරික පෙදෙස් කරා සංක‍්‍රමණය වීම ආරම්භ වනු ඇත. සංක‍්‍රමණිකයින් අවශෝෂණය කර ගැනීම සඳහා නිෂ්පාදන අංශයට ඇත්තේ සීමිත ධාරිතාවයක් බැවින් මෙය නාගරික තදබදයට හේතු වේ. (e) ලෝක වෙළෙඳ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සබඳතා සමඟ ඇති බැඳීම් (මිත‍්‍රශීලී සහ නොබැඳුනු විදේශ ප‍්‍රතිපත්තියක්): තෝරාගත් ප‍්‍රතිපත්ති මෙවලම ලෝක වෙළෙඳ සංවිධානයට ඇති බැඳීම් සමඟ ඇති ගැලපීම අඩු බැවින් රාජ්‍ය ප‍්‍රතිපත්තිමය අරමුණට අහිතකර ලෙස බලපෑ හැකිය. B. ආහාර පද්ධති වඩාත් පාරිසරිකව තිරසාර ලෙස සැකසීම සඳහා විකල්ප ප‍්‍රතිපත්තිමය මෙවලම් ඉහත නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින්, ශ‍්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමයෙහි සාමාජිකයින් යෝජනා කරනුයේ අලූතින් හඳුන්වා දුන් ආනයන රෙගුලාසි වෙනුවට ප‍්‍රකාශිත සෞඛ්‍ය හා පාරිසරික ප‍්‍රතිඵල ලබා ගැනීම සඳහා රජය වඩා අඩු පිරිවැයකින් යුත් ක‍්‍රමෝපායන් භාවිතා කිරීම වඩා සුදුසු බවයි. ගෝලීය වශයෙන් ගත් කල පාරිසරික ආරක්ෂාව සඳහා වන ප‍්‍රවේශය, නියාමනය මත පදනම් වූ ප‍්‍රවේශයකින් ආරම්භ වී ස්වේච්ඡුා හා වෙළෙඳපළ විසින් මෙහෙයවනු ලබන වඩාත් ක‍්‍රියාශීලී ප‍්‍රවේශයකට පරිවර්තනය වී ඇත. ඒ අනුව අපි පහත දැක්වෙන කරුණු තුනේ ප‍්‍රතිපත්ති ගොනුව යෝජනා කිරීමට කැමැත්තෙමු.
  3. ආරක්ෂිත හා පරිසර හිතකාමී කාබනික පොහොර සහ පළිබෝධනාශක භාවිතා කරමින් කාබනික වගාව දිරිමත් කිරීම: I) කාබනික පොහොර නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම යනාදිය දිරිගැන්වීමට මග සකස්කර දීම සහ ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘති ප‍්‍රවර්ධනය කිරීම. II) කාබනික පොහොර සහ පළිබෝධනාශකවලට ජාතික ප‍්‍රමිතීන් හඳුන්වාදීම. මෙය ප‍්‍රමිතියෙන් තොර නිෂ්පාදන රටට ආනයනය නොකිරීම සහතික කිරීමටත් දේශීය නිෂ්පාදන නිශ්චිත ප‍්‍රමිතීන්ට අනුකූල බවට සහතික කිරීමටත් ඉවහල් වනු ඇත. III) ශක්තිමත් ව්‍යාප්ති පද්ධතියක් තුළින් ගොවීන් අතර විවිධ කාබනික ගොවිතැන් තාක්ෂණයන් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම. IV) යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) ආයතනිකකරණයට ලක් කිරීම සහ අනිවාර්ය ජාතික ප‍්‍රමිතියක් බවට පත් කිරීම.
  4. පරිසරයට හානිකර ආකාරයකින් සිදුකෙරෙන රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතයට අනුබල නොදීම: I) රටට ප‍්‍රමිතියෙන් තොර නිෂ්පාදන ආනයනය නොකිරීම සහතික කිරීම සඳහා රසායනික පොහොර හා පළිබෝධනාශක සඳහා ජාතික ප‍්‍රමිතීන් නැවත සලකා බැලීම. II) තෝරාගත් රසායනික පොහොර සහ පළිබෝධනාශක සඳහා පාරිසරික බදු පැනවීම. III) රසායනික පොහොර සඳහා වන සහනාධාරය ක‍්‍රමයෙන් අඩු කිරීම සහ අවසානයේදී ඉවත් කිරීම. පොහොර සහනාධාරය ක‍්‍රමානුකූලව ඉවත් කිරීමේදී පහත සඳහන් පියවර නිර්දේශ කිරීමට අපි කැමැත්තෙමු.
    a) පොහොර වර්ගය, කෘෂි පාරිසරික කලාපය, කන්නය සහ බෝග වැනි ලක්ෂණ අනුව සහනාධාරවලට ප‍්‍රමුඛතාවය ලබා දීම. b) ඉලක්කගත ගොවීන් සඳහා, නිශ්චිත ප‍්‍රමාණයක් (බෑග් දෙකක් වැනි) ලබා ගැනීමට වවුචර් පද්ධතියක් ස්ථාපිත කර ඉතිරිය සීමිත කාලයකට වෙළෙඳපළ මිලට මිලදී ගැනීමේ අවශ්‍යතාවය ඇති කරන්න. c) සහනාධාරය අඩු කළ විට, ගොවිපළ නිෂ්පාදකයින්ට සහයක් වීම සඳහා නිමැවුම් මිලට ආධාරක වැඩසටහනක් හඳුන්වා දෙන්න. IV) ක්ෂේත‍්‍රයට විශේෂිත වූ පොහොර නිර්දේශ සහ ඒකාබද්ධ පළිබෝධනාශක නිර්දේශ අනුගමනය කිරීමට ගොවීන්ට සහාය වීම. V). අධික ලෙස පොහොර භාවිතා කරන සහ ඛාදනයට හේතුවන භෝග සඳහා ලබා දෙන ආරක්ෂණය අඩු කිරීම සහ අවසානයේදී ඉවත් කිරීම. VI). රසායනික පොහොර සහ පළිබෝධනාශක ආරක්ෂාකාරීව භාවිතා කිරීම පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට ගෙන ඇති පියවර ශක්තිමත් කිරීම මෙම රෙගුලාසි මගින් ඇති විය හැකි ආර්ථික අලාභ, ප‍්‍රතිපත්තිමය නොගැලපීම සහ අනපේක්ෂිත බලපෑම් සහ සාපේක්ෂව උසස් විකල්ප ක‍්‍රියාමාර්ග පැවතීම සැලකිල්ලට ගනිමින් රසායනික පොහොර සහ පළිබෝධනාශක සඳහා ආනයන තහනම ඉහත යෝජිත විකල්ප ක‍්‍රියාමාර්ගය සමඟ ආදේශ කරන ලෙස මෙමගින් අපි ගෞරවාන්විතව ඉල්ලා සිටිමු. ශ‍්‍රී ලංකාවේ කෘෂි අංශය සඳහා හරිත-ආර්ථික ආකෘතියක් ස්ථාපිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමයෙහි වෘත්තීය සහය අපි සහතික කරන්නෙමු.

ආචාර්ය සම්පත් ධර්මදාස
ආචාර්ය ශෂිකා රත්නායක
ශ‍්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය යළිත් වසනවාද?

Read Next

පිටිමකුණා වනසන්න කුරුමිණියෙක් ඇවිත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »