Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

හන්තාන ඉඩම් කට්ටිකිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් රතු එළියක්

dinamina.lk

මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (25) පැවැත්විය.

එහිදී මහනුවර දිස්ත්‍රීක්කයේ ප්‍රමුඛ ගැටලු කමිටුවේ අවධානයට යොමු වු අතර, එහිදී අධි සංවේදී පරිසර කලාපයක් වන හන්තානේ ඉඩම් කැබලි විස්සක් වෙන් කොට බෙදා දීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමු විය.

හන්තාන වත්ත පහළ එක්සත් සුභසාධක සංගමය ඉදිරිපත් කළ ලිපිය සලකා බලමින් පළාත් ආණ්ඩුකාරවරයා අදාල ව්‍යාපෘතිය අත්හිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දන්වා සිටි අතර, අධි සංවේදී පරිසර කලාපයක් මෙන්ම, ජල පෝෂක ප්‍රදේශයක් වන හන්තාන පරිසර පද්ධතිය තුළ පරිසර ආරක්ෂණය පිළිබඳව අවධානය යොමු විය යුතු යැයි ද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුලු අදාලා ආයතන මගින් විධිමත් වාර්තාවක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලබා දිය යුතු යැයි ද සදහන් කර සිටියේය.

වර්ෂ 1993දී මහනුවරට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දීමට සිදු වූ බවත් ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කන්ද උඩරට පරිසර හානිය බවත් ඒ මහතා මෙහිදී එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

කෝප් කමිටු සභාපති මහචාර්ය රංජිත් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට එක්විය

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Massive increase in deaths in human-elephant conflict since 1969; things to get worse due to donor dictates

Read Next

Top Fish Predators Could Suffer Wide Loss of Suitable Habitat by 2100 Due to Climate Change

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!