Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

හදිසි ගංවතුරට කළුතර සූදානම්

dinamina.lk

පීඩාවට පත් ජනතාවට සහන සලසන්නත් පියවර

කළුතර දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසිමටත් ඉදිරියේදි ඇති විය හැකි හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා නාවික හමුදාව, පොලිසිය සමඟ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු යොදා ඇතැයි, කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් පී. අමරසේකර මහතා කීවේය.

කුඩා ගඟ පිටාර ගැලීම හා කුකුලේ ගඟ බලාගාරයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ ජලගැල්මට ලක්ව ඇති බුලත්සිංහල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසිම සඳහා නාවික හමුදා කණ්ඩායම් දෙකක් යොදවා තිබේ, මිට අමතරව පොලිසිය මගින් බෝට්ටුවක්, හා ප්‍රාදේශීය සභාව මගින් බෝට්ටු තුනක් යොදවා ජනතාවට සහන සලසමින් සිටින බව කර්නල් අමරසේකර මහතා කිවේය.

කුකුලේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක් විවෘත කිරිමෙන් තත්පරයට ගණ මිටර් 200 ක් හා එහි ටර්බයිනයක් මගින් තත්පරයට ගණ මිටර් 50 ක ජල ධාරිතාවක් මුදා හරින බව ආපදා කළමනාකරණ ඒකකය කියයි. මේ නිසා බුලත්සිංහල, මෝල්කාව මාර්ගය, පරගොඩ, දුම්මල අතුර, ට්‍රැපල්ගාඩ් ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටව තිබිණි. අගලවත්ත කුඩලිගම මාර්ගය හා පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබිණි.

දින තුනක් තිස්සේ ඇදහැළෙන වර්ෂාව නිසා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පවුල් 14 ක ජනතාව පීඩාවට පත්ව සිටිති. නිවාස 12ක් ජල ගැල්මට ලක්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කිවේය. කළු ගඟ, කුඩා ගඟ, බෙන්තර ගඟ, වේ ගඟ ඇතුළු ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා ඉදිරි පැය කිපය තුළ ඇතිවන වර්ෂාවත් සමඟ හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි නිසා අවධානයෙන් පසු වන්නැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දෙයි.

බුලත්සිංහල, පාලින්ද නුවර, වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ඒකකය මගින් අදියර එක යටතේ නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

මීගහතැන්න සමුහ පී. සෝමරත්න සහ කළුතර මධ්‍යම විශේෂ සුනිල් ශාන්ත

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

වැසි තත්ත්වය තවදුරටත්

Read Next

නෝටන්බ්‍රිජ්-දියගල පාරේ ගමනට බාධා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!