Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

හක්කපටස් කෑ අලි පැටියකු දවස් දෙකක් දුක් විඳ මිය ගිහින්

පශු වෛද්‍යවරයකු ඇවිත් නෑ

මිහිර විජේසේකර – මාරවිල සමූහ -dinamina.lk

ආණමඩුව දකුණු පාලියාගම ප්‍රදේශයේ ලඳු කැලෑවක බරපතළ ලෙස අසාධ්‍යව සිටි වයස අවුරුදු හයක පමණ කුඩා අලි පැටියකු මියගොස් තිබේ. මේ අලි පැටවාගේ මුව ඇතුළත හක්කපටස් වැනි යමක් පිපිරී යෑමෙන් දරුණු තුවාලවලට ලක්ව තිබේ. තවද පැටවාගේ සිරුර පුරා ස්ථාන කිහිපයක ද තුවාල සිදු වී ඇත. දින දෙකක් පුරා පැටවාගේ දිවි බේරා ගැනීමට ආණමඩුව දකුණු පාලියාගම ගම්වැසියන් මහත් පරිශ්‍රමයක නිරත වුවද පසුගියදා (11) රාත්‍රියේ අලි පැටවා මියගොස් තිබේ.

වගාවන්ට සිදු වන හානි වළකා ගැනීමට ඇතැම් පිරිස් වට්ටක්කා, කොමඩු වැනි ගෙඩි තුළට හක්කපටස් දමා අලින්ට ආහාරයට ගැනීමට තැබීමෙන් ඒවා පුපුරා දින ගණනාවක් කිසිදු ආහාරයක් හෝ ජලය බිමට නොහැකිව සිට නිරාහාරව වන අලි මරණයට පත් වන බව වනජීවී නිලධාරීහු පවසති.

කෙසේ නමුත් දකුණු පාලියාම ගම්මානයට පසුගියදා (10) උදෑසන පැමිණ ඇති මේ අලි පැටවා ගැන වනජීවී නිලධාරීන් දැනුම්වත් කිරීමට ගම්වැසියන් කටයුතු කර ඇත. එම ස්ථානයට පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීන් පැමිණිය ද වනජීවී පශු වෛද්‍යවරයා වෙනත් රාජකාරියකට උඩවලව ප්‍රදේශයට ගොස් සිටීම හේතුවෙන් වෙනත් වෛද්‍යවරයකු කැඳවීමට කටයුතු කරන බව දන්වා තිබේ.

එහෙත් දහවල් කාලයේ අපහසුවෙන් සිටි අලි පැටවා පෙරේදා (11) රාත්‍රී කාලයේ මියගොස් ඇත. මේ අලි පැටවා අසාධ්‍යව සිටින ආකාරය දුටු ගම්මානයේ කාන්තාවක් ඇතුළු පිරිස අලියාගේ ශරීරය අභ්‍යන්තරයේ හා මුව තුළ තිබූ තුවාල සඳහා හා මැස්සන් ඉවත් කිරීමට විශේෂිත පවුඩර් වර්ගයක් යෙදවීමට කටයුතු කර තිබිණි.

මිහිර විජේසේකර – මාරවිල සමූහ

news source

Chandana Sesath Jayakody

Read Previous

Throwing good money after bad

Read Next

කරුමෙට මොකද කරන්නේ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!