Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

හක්කපටස් ඇතින්නකට මරු කැඳවලා

දිනසේන රතුගමගේ – divaina.lk

වවුනියාව මඩුකන්ද වැව් ඉස්මත්තේ තිබී හක්ක පටස් ආහාරයට ගැනීම නිසා මියගිය ඇතින්නකගේ මළ සිරුරක් වන ජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

අවුරුදු පහක් පමණ වයස මෙම ඇතින්න ගොවීන් විසින් අටවන ලද හක්ක පටස් බෝම්බ කෑම නිසා මුඛය තුවාල වී දින කීපයක්ම වැව ආසන්නයේ කැලයේ සිටි බවට වන ජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.

වතුර බීම සඳහා වැවට පැමිණි පසුව එම ඇතින්න මියගොස් ඇති අතර උතුරු පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ එන්. ගිරිදරන් මහතා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ හක්ක පටස් ආහාරයට ගැනීම නිසා ඒවා පුපුරා යෑමෙන් ඇතින්නට ආහාර ගැනීමට නොහැකිව මියගොස් ඇති බවයි. වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

– දිනසේන රතුගමගේ

Chandana Sesath Jayakody

Read Previous

කැබිලිත්ත රක්ෂිතයේ ඉඩම් හෙක්ටයාර 9960ක් බලෙන් අල්ලාගෙන

Read Next

ෆුකුෂිමා අත්දැකීම සහ ලෝක බලවතුන්ගේ පරිසර සංරක්ෂණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!