Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

සෞදියේ මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍රවලට සීමාවක් !

චන්දන සේසත් ජයකොඩි – news.ejustice.lk

සෞදියේ මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍රවලට උපරිම ශබ්ද සීමාවක් පනවා ඇති අතර එය හොඳ දෙයක් බව සෞදියේ මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසයි.

සවුදි අරාබියේ ඉස්ලාමීය කටයුතු ඇමතිවරයා පවසන්නේ මෙම තීරණය ගන්නට සිදුවූයේ මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඇසෙන අධික ශබ්දය පිළිබඳ පුරවැසියන්ගෙන ලද පැමිණිලි පදනම්කරගෙන බවයි.

ඉස්ලාම් භක්තිකයන්ගේ මුදුන් මල්කඩක් වූ ශුද්ධ වූ මුස්ලිම් දේවස්ස්ථාන පිහිටි සෞදි අරාබියේ ඉස්ලාමීය කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ දේවස්ථානවල ඇති සියළු ශබ්ද විකාශනයන් එහි උපරිම ශබ්ද ධාරිතාවයෙන් තුනෙන් එකක් ඉක්මවා නොයන ලෙස සකස් කළ යුතු බවයි.

ගල්ෆ් මාධ්‍යවල වාර්තා වලට අනුව යාඥාවලදී අධික ශබ්දය සහිත ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගැනීමෙන් වැඩිහිටියන් හා ළමුන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සිදුවන බලපෑම පිළිබඳව ද සෞදි මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය අවධානය යොමුව තිබේ.

මුස්ලිම් බහුතර රාජ්‍යයක් වන සවුදි අරාබියේ මක්කාවේ මහා පල්ලිය සහ මදීනාහි නබිතුමාගේ පල්ලිය ඇතුළු මුස්ලිම් පල්ලි 98,800 කට වඩා තිබේ.

චන්දන සේසත් ජයකොඩි – news.ejustice.lk

Admin

Read Previous

මුහුදු ජලයට කවර දෑ එකතු වුවත් පිරිසිදු ලුනු නිෂ්පාදනයට එය බාධාවක් නොවේ

Read Next

ගිනි ගත් නැවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිට වීම වළක්වමින් අධිකරණ නියෝගයක් !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!