Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

“සුජීවා” ඇතින්න සහ ඇගේ පැටවා පිළිබඳව අද (2021.09.24) පැවති නඩු විභාගය ( B 23073/01/15 – මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ)

අද දින මහේස්ත්‍රාත් උසාවි අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ උක්ත නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මහතා “සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා නිදහස් නොකරන ලෙස දැනුම්දුන් අභියාචනාධිකරණයේ නිරීක්ෂණයන්” මගින් මහේස්ත්‍රාත් අධිකරණය බැඳ නොතබන බවට කරුණු දක්වමින් “සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා මුදාහැරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටින ලදී”. එම ඉල්ලීම ම ඇතින්න ඉල්ලා සිටින පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා විසින් ද සිදුකරන ලදී.

එහෙත් එම ඉල්ලීම අභියෝගයට ලක්කරමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය සහ නීතිඥ සමාධි හංසනී ප්‍රේමසිරි මෙනෙවිය වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසින් පෙන්වා දෙන ලද්දේ “අභියාචනාධිකරණය මගි නිකුත් කරන ලද නිරීක්ෂණ හා නියෝග මගින් මහේස්ත්‍රාත් අධිකරණය බැඳ තැබෙන බවත්, ඒ අනුව අභියාචනාධිකරණයේ නියෝගය පරිදි එම ඇතින්න සහ පැටවා දැනට ඔවුන් රඳවා සිටින ස්ථානයේ ම රඳවා තැබීම වඩාත් සුදුසු බවත් ” ය. එමෙන් ම අභියාචනාධිකරණයේ නිරීක්ෂණ සහ නියෝග මගින් මහේස්ත්‍රාත් අධිකරණය බැඳ තැබෙන ආකාරය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් නීති ප්‍රතිපාදන උපුටා දක්වමින් රවීන්ද්‍රනාත් දාබරේ මහතා ගරු අධිකරණය ඉදිරියේ පැහැදිලිකර දෙන ලද අතර නීතිඥවරුන්ට සහ පරිසර සංවිධානවලට එම නඩුකරය සඳහා මැදිහත්වීමට ඇති අයිතිය ද තවදුරටත් විස්තර කර දෙන ලදී.

සියළුම දේශනවලට සවන්දීමෙන් අනතුරුව ගරු අධිකරණය නියෝගකලේ “සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා” දැනට ඔවුන් රඳවා ඇති ස්ථානයේ ම තවදුරටත් රඳවාතබන ලෙසයි.

නීතිඥයින් ඇතුළු අනිකුත් පාර්ශවයන්ට මෙම නඩුවට මැදිහත්වීමට ඇති අයිතිය සම්බන්ධව ඇති කරුණු ලිඛිත දේශන මගින් දැනුම්දෙන ලෙසත් වැඩිදුරටත් දැන්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාල ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා නඩුව ඔක්තෝබර් මස 01 වන දින නැවත කැඳවීමට තීරණය කරන ලදී.

Chandana Sesath Jayakody

Read Previous

නෞකාවෙන් වුණු හානියට වන්දි ගෙවන්න බෑ කියා නෑ

Read Next

The trial B 23073/01/15 (Colombo MC) of “Sujeewa” the elephant and her calf today – (2021.09.24)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!