Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

සියලු දෙනාම එන්නත් ලබාගත් පසුව කොවිඩ් මරණ අඩු වෙනවා – මහාචාර්ය නීලිකා මලවිගේ

divaina.lk

එංගලන්තයේ සියයට සියයක්ම කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදය තිබිලත් මරණ සංඛ්‍යාව ඉතාම අඩුවෙලා තියෙන්නේ කොවිඞ් එන්නත්කරණය නිසයි. අපේ රටේ ඉන්න සියලූ දෙනාත් එන්නත් ලබා ගත්තාට පසු ඒ තැනට එන්න පුළුවන් යැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඊයේ (22 දා) පැවසුවාය.

ඇය එසේ පැවසුවේ සියලූ මාධ්‍ය ඒකාබද්ධව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී තවදුරටත් කතාකළ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙසේද පැවසුවාය.

කොවිඞ් වසංගතය යුරෝපය, ඇමරිකාව වගේ රටවල්වල මේ දවස්වල තුන්වැනි රැුල්ල යනවා. අතිවිශාල රෝගීන් පිරිසක් වාර්තා වෙනවා. ඒ වුණාට මරණ සංඛ්‍යාව ඉතාම අඩුයි.

මේ අවස්ථාවේ යුරෝපීය රටවල්වල අති විශාල රැුල්ලක් යනවා. ඒත් මරණ සංඛ්‍යාව අඩුවෙලා පාසල්ද පවත්වාගෙන යනවා. වෙනදා විදිහට වැඩ කටයුතුත් කරගෙන යනවා. එහෙම කරන්න පුළුවන් වුණේ එන්නත්කරණය නිසයි. 21 වැනිදා ඇමරිකාවේ ආසාදිතයෝ 800ක් විතර මියගියා. එහෙත් ඉන්නවා එන්නත් ප‍්‍රතික්‍ෂේප කරන අය. ඒ විවිධ හේතු නිසා නිධන්ගත රෝගී තත්ත්වයන් තිබෙන අය කොවිඞ් රෝගයට ගොදුරු වුණාම නිව්මෝනියා තත්ත්වයට පත්වෙලා මියයෑමේ සම්භාවිතාවක් තියෙනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

දැදුරුඔයේ වැලි හාරන බලවත් මැරයෝ

Read Next

නරක ආණ්ඩු හොඳ මිනිස්සු සහ ලේ විල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!