
නවගත්තේගම අලි සංරක්ෂණය සම්බන්ධයෙන් සක්‍රීයව කටයුතු කරන කණ්ඩායම් දෙකක් සඳහා පරිසර යුක්ති කේන්ද්‍රය විසි CEJ විසින් 2022 මාර්තු 09 වන දින ස්වයං රැකියා පිළිබඳ පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම පුහුණු වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ අලි ඇතුන් අතින් සිදුවන වගාහානීන් හේතුවෙන් අස්වනු පාඩු ලබන පවුල්වලට විකල්ප ආදයම් මාර්ග ලබාගැනීම සඳහා ආධාර කිරීමයි. ගෙවතු වගාව, පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම හෝ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බාහිර වෘත්තීය පුහුණුව ලබා ගැනීම තුලින් විකල්ප ආදායම් මාර්ගයක් ගොඩනඟාගැනීමට පවුල්වලට සහ පුද්ගලයන්ට සහාය වීම සඳහා මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදී.















