Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

සංචාරකයන් අතර ජනප‍්‍රිය වූ නිව්යෝක් නගරයේ ‘බැරී’ බකමූණා මියයයි

divaina.lk

නිව්යෝක් නගරයේ පිහිටි මධ්‍යම උද්‍යානයේ වාසය කළ ජනප‍්‍රියම කුරුල්ලා වී සිටි ‘‘බැරී’’ නැමති බකමූණා ඉකුත් සිකුරාදා (06දා) දිනයේ එම උද්‍යානයේම නඩත්තු කටයුතු සිදු කළ ට‍්‍රක් රථයකට හසු වීමෙන් ලැබූ තුවාල හේතුවෙන් ඊයේ (08දා) දිනයේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. නිව්යෝක් මධ්‍යම උද්‍යානයේ ගසක වසා සිටිමින් එහි පැමිණෙන සංචාරකයන් අතර ජනප‍්‍රියම තරුව වී සිටි ‘‘බැරී’’ මියගොස් ඇත්තේ ආහාර සොයමින් ඉතාමත් පහතින් පියාසර කරන අවස්ථාවේදී ඔහු පසු කර ගිය ට‍්‍රක් රථයකට හසු වී බව වාර්තා වී තිබේ.

‘‘බැරී’’ ගේ මරණයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම ලොව පුරා විසිරී සිටින කුරුල්ලන්ට ආදරය කරන්නන් විශාල පිරිසක් දැඩි කම්පාවට පත්ව සිටින අතර ඔහුගේ මරණයත් සමගම ඔවුහු ‘‘බැරී’’ ගේ ඡුායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රචාරය කිරීමට පියවර ගෙන තිබේ. බැරී වාසය කළ උද්‍යානයට අයත් ට්විටර් ගිණුමෙහි බලධාරීන් විසින් විශේෂ සටහනක් තබමින් පවසා ඇත්තේ මින් ඉදිරියට ඔහුගේ පුදුමසහගත හා අලංකාර පෙනුම ඔවුන්ට දක්නට නොලැබීම කනගාටුවක් බවයි. බැරී කුරුල්ලන්ට ආදරය කරන්නන් අතර වඩාත් ජනප‍්‍රිය වූයේ ඉකුත් වසරේ කොරෝනා වසංගත සමයේදී වන අතර ඔහුගේ ඡුායාරූප රැුසක් සංචාරකයන් විසින් රැුගෙන සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල පළ කර තිබිණි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

මුතුරාජවෙල මායිම් ලකුණු කිරීම මාස 6ක් ඇතුළත කිරීමට වනජීවිය එකඟ වුණා

Read Next

කිසිවකුටත් පසුපසින් ජීවත් නොවෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!