Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ශ්‍රීපාද වන්දාකරුවන් අපද්‍රව්‍ය ටොන් 113ක් බැර කරලා – මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පරිසර අංශය කියයි

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉළංගන්තිලක

මෙවර (2022/2023) ශ්‍රීපාද වන්දනා සමය පැවැති මාස 06 ක කාලය තුළ දී නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් වන්දනාව සඳහා පැමිණි දේශිය සංචාරකයින් දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් 110 ක් හා ප්ලාස්ටික් බෝතල් ටොන් 03 ක් පමණ අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරිනී රසිකා සමරනායක මහත්මිය පැවසුවාය.

පුරා මාස 06 ක කාලයක් අඛණ්ඩව පැවැත්වෙන ශ්‍රීපාද වන්දනා සමයේදී නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ හා නල්ලතන්නිය නඟරයේ ගොඩගැසෙන දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඇතුළු කැළිකසළ රැස් කර ඉවත් කිරීම සිදු කරනු ලබන්නේ, මස්කෙළිය ප්‍රාදේශීය සභාව යටතේ ඇති පරිසර ඒකකය මගිනි.

දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඇතුළු මෙම කැළි කසළ තොග ඉවත් කිරීම සඳහා මස්කෙළිය ප්‍රාදේශීය සභාවට මෙවර වන්දනා සමයේ දී රුපියල් මිලියන 04 ක් පමණ වැය කිරීමට සිදු වූ බව පරිසර නිලධාරිනි රසිකා සමරනායක මහත්මිය පවසන්නීය.

ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් යොදා මෙම කැළිකසළ එක් රැස් කිරීමෙන් අනතුරුව මස්කෙළිය, රිකාටන් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යෑම සිදු කරනු ලබයි.

දිරා නොයන ඝන අපද්‍රව්‍ය හා ප්ලාස්ටික් බෝතල් ශ්‍රීපාද රක්ෂිතයට හා පරිසරයට බැහර නොකර පරිසර හිතකාමී ලෙස වන්දනාවේ පැමිණෙන ලෙස සෑම වසරක දීම ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැනුවත්වීම් සිදු කළ ද දේශීය සංචාරකයින් එම උපදෙස් පිළිනොපදිමින් දිරා නොයක ඝන අපද්‍රව්‍ය මෙලෙස බැහැර කිරීම නිසා විශාල පරිසර හානියක් සිදුවන බවත්, ප්‍රාදේශීය සභාවට කසළ ඉවත් කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරිනී රසිකා සමරනායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඉන්දියාවෙන් ගෙන්වූ හෘදයාබාධ හඳුනා ගැනීමේ බාල ට්‍රොපනින් කට්ටලත් ඉවතට – බාල ඖෂධ ගෙන්වීම ගැන වහාම ජනාධිපති විමර්ශනයක් ඕනෑ – වෛද්‍ය චමල් සංජීව

Read Next

Usage of shopping bags threatens environment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!