Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

විල්පත්තු වන විනාශය සම්බන්ධ නඩුකරය

CA WR 291 / 2015

මෙය විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ ඒ අවට වනාන්තර පද්ධතියක් ලෙස පිහිටා ඇති මරිච්චුකඩ්ඩි, කරදික්කුලි, මඩු, පෙරියමඩු හා සන්නාර් යන වනාන්තර ප්‍රදේශ තුළ නිසි පාරිසරික තක්සේරුවකින් තොරව හා නීති විරෝධී ආකාරයෙන් අවතැන් වූ පුද්ගලයන් නැවත පදංචි කිරීමේ අරමුණ ඇතිව හෙක්ටයාර 2500කට වැඩි වනාන්තර ප්‍රදේශයක් දේශපාලන අධිකාරියේ බලපෑම මත විනාශ කිරීම හේතුවෙන් ගරු අභියාචනාධිකරණයේ මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුකරයක් ලෙස 2015 වර්ෂයේ දී ගොනු කරන ලදී.

මෙහි වගඋත්තරකාර පාර්ශවයන් ලෙස වන සංරක්ෂක ජනරාල්, වනජීවී සංරක්ෂණ ජනරාල්, ඉඩම් කොමසාරිස් ජනරාල් හා නීතිපති ඇතුලු පාර්ශව 09ක් නම් කර ඇත.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ වගඋත්තරකරුවන් විසින් 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත, 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාාපනත, 1907 අංක 16 දරණ වන ආඥාාපනත, 1935 අංක 19 දරණ රජයේ ඉඩම් සංවර්ධන ආඥාාපනත සහ 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥාාපනත යනාදී නීතීන් ගණනාවක් උල්ලංඝනය කරමින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි වනාන්තර එළි පෙහෙළි කර ජනතාව නැවත පදිංචි කරවීමට පියවර ගෙන ඇති බවයි.

නඩුවේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනි මි න් අධිකරණය විසින් 01 වන වගඋත්තරකරුට (වන සංරක්ෂණ ජනරාල්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව) එරෙහිව මැන්ඩාමුස් ස්වභාවයේ රිට් නියෝගයක් නිකුත් කරන ලද්දේ 1907 අංක 16 දරණ වන ආඥා පනත උල්ලංඝනය කරමින් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා භාවිතා කරන ලද සංචිත වනාන්තර ප්‍රදේශයේ ගස් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරමිනි. එසේම, ‘දූෂකයා විසින් ගෙවිය යුතුය’ (Polluter Pays Principle) යන පරිසර මූලධර්මය අනුගමනය කරමින් එම ගස් සිටුවීමේ වැඩ සටහනේ සම්පූර්ණ පිරිවැය 07 වන වගඋත්තරකරු වන රිෂාඩ් බදියුද්දීන් විසින් දැරිය යුතු බව අධිකරණය තීන්දු කරන ලදී. වන සංරක්ෂණ ජනරාල් විසින් අධිකරණය නියම කළ ගස් සිටුවීමේ වැඩ සටහනේ පිරිවැය ගණනය කර එය පිළිබඳ 07 වන වගඋත්තරකරු වන රිෂාඩ් බදියුද්දීන්ට දැනුම් දිය යුතු අතර 07 වන වගඋත්තරකරු එම දැනුම් දීමෙන් මාසයක් ඇතුළත එම මුදල ගෙවිය යුතුය.

පරිසර යුක්ති කේන්ද්‍රය (ඇපයෙන් සීමිත) එ. නීතිපති සහ තවත් අය ලෙස ඉතිහාසගත වන මෙය පරිසර නීතිය පුළුල් කළ සහ පරිසර යුක්තිය වෙනුවෙන් ඉතා වැදගත් වන්නා වූ එප්පාවල නඩු තීන්දුව හා සමාන ඓතිහාසික නඩු තීන්දුවකි.

Chandana Sesath Jayakody

Read Previous

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

Read Next

Getting what we ask for

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!