
lankatruth.com
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව පිහිටි කල්ලාරු රක්ෂිත කැළෑ ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කෙරුණු නඩුවකදී අභියාචනාධිකරණය විසින් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නිකුත් කර තිබෙන නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් විසින් අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සම විභාග කිරීමට පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියෝග කර ඇත.
මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කෙරුණු පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය අදාළ වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් එම ප්‍රදේශයේ යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.
එම ගස් සිටුවීමේ වැඩපිළිවෙළ සඳහා දැරීමට සිදුවන වියදම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ගෙවිය යුතු බවටද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වී තිබිණි.