Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේ දියුණුවට වැඩපිළිවෙලක්

aruna.lk

විද්‍යුත් මෝටර් කාර් එකලස් කිරීම මෙන්ම දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සිදුකරන බව 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව මෝටර් වාහන එකලස් කිරීම සිදුකරනු ලබන ආයතන විසින් අවම වශයෙන් සියයට 25ක දේශීය අගය එකතු කරන සහ එයට අවශ්‍ය කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක් සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන ඇත.

මෙහිදී දේශීය විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා දේශීය අගය එකතු කිරීම සහ දේශීයව නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ උපාංග භාවිත කරනු ලබන බව සහතික කිරීම සඳහා සියලුම ලියාපදිංචි විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදකයින් සහ අනුමත දේශීය විද්‍යුත් මෝටර් රථ එකලස් කරන ආයතන සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

යෝජිත තොරතුරු පද්ධතිය යටතේ තීරු බදු සහන සඳහා සෑම විද්‍යුත් මෝටර රථ එකලස් කරන ආයතනයක් විසින්ම දේශීයව ලබාගන්නා මෝටර් රථ උපාංගවල වටිනාකම සහ එකලස් කරනු ලබන මෝටර් රථවල දේශීය අගය එකතු කිරීමේ ප්‍රතිශතය ස්වයංක්‍රීයව සහතික කිරීමට ද හැකිවන පරිදි පද්ධතිය සකස්කළ යුතු බවත් මෙම පරිගණක තොරතුරු හුවමාරු ක්‍රමවේදය කර්මාන්ත අමාත්‍යංශය විසින් සංවර්ධනය කර නඩත්තු කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ආපහු රටට ගේන්න හදන බාල කෘෂි රසායන සොයන කූට ජාවාරමකට මඟ හැදෙන හැඩ

Read Next

Who’s pocketing the compensation from X-Press Pearl accident?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!