
බීබීසී සිංහල වෙබ් අඩවියෙන්
එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ නගරයක පිහිටි වැවකින් සුවිශාල ‘ගෝල්ඩ්ෆිෂ්’ හමුවීමත් සමග අනවශ්‍ය සුරතල් මසුන් ස්වභාවික පරිසරයට මුදා නොහරින ලෙස බලධාරීහු ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කළහ.
මෙම පොදු ගෘහස්ථ සුරතල් සතුන් ස්වභාවික පරිසරයේ දී වඩා විශාල ලෙස වැඩිය හැකි අතර එය ස්වභාවික පරිසර පද්ධතියට දැඩිව අහිතකර විය හැකිය.
‘කෙලර්’ නම් වැවේ සිදු කළ සමීක්ෂණයකදී අල්ලා ගත් යෝධ ගෝල්ඩ්ෆිෂ් කීපදෙනෙක් සිටින ඡායාරූප සහිත දැන්වීමක් බර්න්ස්විල් නගරය පුරා බෙදා හැර ඇත.
රොන් මඩ ඇවිස්සීමෙන් හා ජලජ ශාක මුලිනුපුටා දැමීමෙන් ගෝල්ඩ්ෆිෂ් ජලයේ ගුණාත්මක භාවයට හානිකර විය හැකි බව එහි සඳහන්ය.