Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

වැලි මැක්කාගෙන් පැතිරෙන මාරාන්තික රෝගයක්: WHO අනතුරු අඟවයි

mawbima.lk – මිතුන් ජයවර්ධන

මැලේරියාවෙන් පසුව පරපෝෂිතයන් මගින් බහුලව ම පැතිරෙන රෝගය වන්නේ විසරල් ලිෂ්මෙනායසිස් (Visceral leishmaniasis) වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව පුරා සෑම වසරක මේ රෝගය හේතුවෙන් 25,000ත් – 30,000ත් අතර සංඛ්‍යාවක් මියයන බව ත් එහි මරණ අනුපාතය සියයට 99.99ක් පමණ බව ත් සංඛ්‍යා දත්ත සඳහන් කර ඇත.

එම රෝගය 2021 වර්ෂයේදී පමණක් රටවල් 10කින් සමස්ත රෝගීන්ගෙන් සියයට 90කට වඩා හමු වූ බව ත් ඒ අතර ලංකාවට සමීපම රට වන ඉන්දියාව හා අග්නිදිග ආසියාතික රටවල තිබෙන බව ත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර තිබෙන දත්ත වාර්තා තුළින් පැහැදිලි කර තිබේ.

විසරල් ලිෂ්මෙනායසිස් රෝගයේ වාහකයන් වන්නේ මිලිමීටර් 3ක දිගකින් හා මිලිමීටර් 2-3 පමණ විෂ්කම්භයකින් සමන්විත ෆ්ලෙබොටොමින් (Phlebotomine) කුලයට අයත් වැලි මැක්කන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

දුප්පත්කම, දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන්, මන්දපෝෂණ තත්ත්ව, නාගරීකරණයේ වෙනස්වීම් හා වනාන්තර ප්‍රදේශවලට මිනිස් ආක්‍රමණය හේතුවෙන් ලිෂ්මෙනායසිස් රෝගයේ අවදානම වැඩි කරන බවත් එම දත්ත සටහනේ වැඩිදුරටත් දක්වා තිබේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

“ඔක්තෝබර් 20න් පසු ගල් අඟුරු ඉවරයි: දවසට පැය 10ක් කළුවරේ ඉන්න වේවි”

Read Next

Procurement of LP gas: Ex-COPE Chief alleges embezzlement of funds amounting to Rs 1.3 bn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!