
COLOMBO (News 1st) – වැලිමඩ, බැලුම්ගල කන්දේ ඇති වූ ගින්නකින් අක්කර 20 ක භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ විය.
ඊයේ(01) පස්වරුවේ හටගත් ගින්න පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවා දැමීම අසීරු වී තිබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ, දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව අද අලුයම ගින්න මැඩපැවැත් වූ බවයි.
ගින්නෙන් පීඩාවට පත් වූ පවුල් දෙකක පිරිස් තාවකාලිකව නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රඳවා තැබීමට වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය කටයතු කළේ ය.
වගාවට හෝ සතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක කරයි.