Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

වැලිපැන්න ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයන කාර්මික ජනපදයක්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයන කාර්මික ජනපදයක් පිහිටුවීමට රජය සැලසුම් කරයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෙලෙද අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත එම ව්‍යාපෘතිය ඉදිරියේ දී දෙස් විදෙස් ආයෝජකයන් සදහා ද විවෘත වනු ඇත. ඔස්ටේ්‍රලියාව එහි ආරම්භක ආයෝජනය සදහා දැනටමත් සාකච්ඡා කර තිබෙ. පරිප්පුි බාර්ලි වැනි ධාන්‍ය වර්ග ඔස්ටෙ‘්ලියාවේ සිට ආනයනය කොට අගය එකතු කරමින් ආසියානු අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල් කරා මෙම ජනපදය ඔස්සේ ප්‍රතිඅපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

බන්දුල ගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු පසුගියදා මෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුහ. ඔස්ටේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර ඊට අදාල පළමු සාකච්ඡාව එම නිරීක්ෂණ චාරිකාවට සමගාමිව පැවැත්විණ. ශ්‍රීී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පවතින තානාපති සබඳතා මෙවැනි ව්‍යාපෘති ඔස්සේ වඩාත් ශක්තිමත් වන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Inorganic fertiliser ban could harm production with major implications

Read Next

උතුරු කොරියාව ආහාර අර්බුදයක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!