Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

වහාම ගොඩබිමට එන්න-කාළගුණයෙන් නිවේදනයක්

divaina.lk

දිවයිනට දකුණු දෙසින් පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ දී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දී තිබේ.

දැනට එම ප්‍රදේශවලින් මුහුදු ගොස් සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි සමග පැගකිගමී 40 – 50 පමණ තද සුළං පවතින අතර සුළඟේ වේගය පැගකිගමී 60 දක්වා ඉහළ යා හැකිය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

දිගටම යන්න වෙන්නේ මෙහෙමද?

Read Next

Sri Lanka’s gas tragedy: the untold story

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!