Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

වසර ආරම්භයේම පැය 10ක විදුලි කප්පාදුවක්

lankadeepa.lk – යොහාන් බාසුර

රට සතු ගල්අඟුරු තොගය මේ මස 31 වැනිදා අවසන් වීමෙන් පසුව නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර තුනක ක‍්‍රියාවිරත වන බවත් ඉන් පසුව පැය 10 කට අදික විදුලි කප්පාදුවක යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20) පැවසීය.

නොරොච්චෝලේ බලාගාරයෙන් රටේ විදුලි සැපයුමෙන් සියයට 45 ක පමණ ප‍්‍රමාණයක් සපයන බැවින් එම යන්ත‍්‍ර තුනම අක‍්‍රිය වුවහොත් පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව කී නිහාල් වීරරත්න මහතා එසේ වුවහොත් එය බරපතල තත්වයක් බව ද සඳහන් කළේය

ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 75 ක් දක්වා අඩුවී ඇති බැවින් ඉදිරි මාස කීපයේදී ජල විදුලිය ද උපරිම ධාරිතාවට ළගාවීම අවිනිශ්චිත බවත් ඒ හේතුවෙන් රටම අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවත් ඒ මහතා කීය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Weather alert: Monsoon condition gradually establishing over island

Read Next

දුර දිග නොදැකීමේ විපත්තිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!