Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

වල් ඌරට ඇද්ද විදුලි රැහැනට වන අලියෙක් බිලි

කුමාරි දිසානායක – dinamina.lk

වගාවට හානි කරන වල් ඌරා මර්දනය කිරීම සඳහා පෞද්ගලික ඉඩමකට දමන ලද විදුලි රැහැනක ගැටී වයස අවුරුදු 20ක පමණ වන අලියකු මිය යෑමේ පුවතක් පොල්පිතිගම පොතුවිල ග්‍රාම නිලධාරී වසමෙන් වාර්තා වෙයි.

අදාළ සිද්ධිය පසුගියදා (27) රාත්‍රියේ සිදුව ඇති අතර මිය ගිය අලියා ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබිණි. අදාළ සිද්ධිය සම්බන්ධව පොල්පිතිගම පොලිසිය මඟින් පරීක්ෂණ කටයුතු මෙහෙයවා අදාළ ඉඩමෙහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු පොල්පිතිගම පොලීසිය විසින් සිදුකරනු ලබයි. මිය ගිය අලියාගේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වන අලියා විදුලි සර ශරීරගත වීම නිසා මියගොස් ඇති බවට තහවුරු වී ඇති බව හේරත්ගම වනජීවි අඩවි ආරක්ෂණ නිලධාරී ගාමිණී බණ්ඩාර මහතා සඳහන් කළේය.

කුමාරි දිසානායක – ඉබ්බාගමුව සමූහ

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Organic fertilizer to be produced under SLSI standards

Read Next

Sri Lanka wants X-Press Pearl wreck removed from its waters

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!