Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

CA WR 112 / 2015

නිසි පාරිසරික තක්සේරු ඇගයීම් වාර්තාවකින් (Environmental Impact Assessment) තොරව හෙක්ටයාර 233 ක පමණ මුහුදු භූමියක් ගොඩකරමින් ඉදිකිරීමට යෝජිත කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු නවතා දමන ලෙසටත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට මුහුදු භූමියක් ගොඩ කිරීමේ නීත්‍යානුකූල බලයක් නොමැති බවටත්, ප්‍රකාශ කරමින් 2015 වර්ෂයේ දී කොළඹ අභියාචනාධිකරණයේ මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුවක් ලෙස මෙය ගොනු කර ඇත.

2014 දී ආරම්භ කරන ලද මෙම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් වෙරළබඩ පරිසර පද්ධතියට පිරිමැසිය නොහැකි හානියක් සිදු වී ඇති අතර ධීවර ප්‍රජාවේ පවුල් 15000 කට වැඩි පිරිසකගේ ජීවනෝපායට බලපෑම් එල්ල වී ඇත.

මෙහි වගඋත්තරකරුවන් ලෙස, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, China Harbour Engineering Company Ltd (CHEC) හා නීතිපතිවරයා නම් කරන ලදී.

මෙම නඩුව 2020 නොවැම්බර් 20 වන දින නිශ්ප්‍රභා විය.

Chandana Sesath Jayakody

Read Previous

රතුපස්වල සිද්ධිය සම්බන්ධ නඩුකරය

Read Next

විල්පත්තු වන විනාශය සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!