Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

වන හානිවලට රුකුල් දෙන බව කියන වනජීවී ලොක්කාගේ නියමය උසාවියෙන් අත්හිටුවයි

ඒ. ජේ. ඒ. අබේනායක – divaina.lk

රාජ්‍ය ආයතන විසින් සිදුකරනු ලබන වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය දැනුවත් කර අනුමැතිය ලබා ගැනීමකින් තොරව නීතිමය පියවර නොගන්නා ලෙසට දන්වමින් වන සංරක්‍ෂණ හා වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා විසින් රාජ්‍ය ආයතන වෙත නිකුත් කර තිබූ චක‍්‍රලේඛය ක‍්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 7 වැනිදා දක්වා වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (07දා* නියෝගයක් නිකුත් කළේය.

එම චක‍්‍රලේඛය බල රහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ. එම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විමසීම ලබන දෙසැම්බර් 7 වැනිදා දක්වා කල්තැබීමට ද විනිසුරු ම`ඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

එම පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස වනජීවී අමාත්‍ය සී. බී. රත්නායක, වනජීවී හා වන සංරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු, පොලිස්පති චන්දන වික‍්‍රමරත්න යන මහත්වරුන් හා නීතිපතිවරයා නම් කර තිබිණි. වර්තමානයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හා සෙසු වෙනත් රාජ්‍ය ආයතන විසින් වනජීවී හා වන සත්ත්ව අණ පනත් උල්ලංඝණය කරමින් රටේ සංවර්ධන ක‍්‍රියාවලියට මුවා වෙමින් දිගින් දිගටම සිදු කරන වන හානි ව්‍යාප්ත වෙමින් පවතින බවත් එකී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම චක‍්‍රලේඛය මගින් වන හානි වලට අනුබල දීමක් සිදුකර ඇති බවත් පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

මොණරාගල සූර්ය විදුලි බලාගාරයේ වැඩ අද සිට ඇරඹෙයි

Read Next

“අද” – කාටුන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!