
lankatruth.com
ලෝක කැස්බෑ සංරක්ෂණ දිනය අදට (16) යෙදී ඇත. මේ වනවිට කැස්බෑවන් පිළිබඳව මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු වී තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව වන්දි ලබා ගැනීම වෙනුවෙන් සිදු කරනු ලැබූ ක්‍රියාවකට කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවින්ට වන්දි ගෙවීමට සිදු වී ඇති නිසාය.
කැස්බෑ සංරක්ෂණය වෙනුවෙන් සිය දිවියම කැප කළ “මුහුදු කැස්බෑ ජීව විද්‍යාවේ පියා” Dr. Archie Carr(1909-1987) ගේ උපන් දිනය ලෝක කැස්බෑ සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත. “එක්ස්ප්‍රස් පර්ල් ” නෞකාව මුහුදු බත්වීමෙන් පසුව මේ දක්වා බටහිර වෙරළ තීරයෙන් මිය ගිය කැස්බෑවන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් හමුවී ඇති අතර නැවේ ඛේදවාචකයට ඔවුන් වන්දි ගෙවමින් සිටී.