
dinamina.lk
මෙවර එහි තේමාව “අරුම පුදුම සතුන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය සොයා දැනගන්න හොඳම කාලය” යන්නයි.
වසර දහස් ගණනක් තිස්සේ අලි ඇතුන්ගේ නිජබිමක් වූ ශ්‍රී ලංකාවට මෙම දිනය අතිශය වැදගත් වන්නේ මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව ඇති අලි-මිනිස් ගැටුමකට තිරසර විසඳුමක අවශ්‍යතාව දැඩිව පැනනැගීම හේතුවෙන් ය.
සමීක්ෂණවලට අනුව මෙරට අලි ගහණය 6,000කට ආසන්න වන අතර ඉන් 5 %ක් ඇතුන් ලෙසට ගණන් බලා තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට වාර්ෂිකව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් වන අලි 300 ක් පමණ මියයන අතර අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාව 100කට අධිකය.