Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ලොව පළමු ඔමික්‍රෝන් මරණය බ්‍රිතාන්‍යයෙන්

lankadeepa.lk

ලොව පළමු ‘ඔමික්‍රෝන්’ මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. ‘ඔමික්‍රෝන්’ පළමු මරණය පිළිබඳ පළමුවෙන් ලොවට දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ය. ඒ, හදිසි මාධ්‍ය හමුවක් කැඳවමිනි.

‘කනගාටුවෙන් මා දැනුම් දෙන්න කැමැතියි, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කොවිඩ් 19 ඔමික්‍රෝන් ආසාදිතයකු මියගියා. ඔමික්‍රොන් විකෘතිය ළැව් ගින්නක් සේ මහා බ්‍රිතාන්‍යය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මා ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් තමන්ට නියමිත බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්න” යැයි එම මාධ්‍ය හමුවේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර ‘ඔමික්‍රෝන්’ විකෘතිය ‘ඩෙල්ටා’ විකෘතියට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ වනවිට එය රටවල් 63 කට ව්‍යාප්ත වී අවසන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. ‘ඔමික්‍රෝන්’ විකෘතිය ‘කොවිඩ් 19’ සඳහා නිපදවා ඇති එන්නත් කාර්යක්ෂමතාව අඩු කිරීමට සමත් වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව, වයිරසයෙන් ආරක්ෂා වීමට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දී ඇත.

(රොයිටර්)

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

2021.12.13 දාස ගේ කාටුනය – ලංංකාදීප

Read Next

නාගරික සංවර්ධන අධිකාරිය විදේශ ආයෝජන ගිවිසුම් දෙකකට – රජයේ ඉඩම් රැසකුත් විදේශ ආයෝජකයන්ට බදු දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!