
කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් හානියට පත් ජනතාව කඩිනමින් සිය ගම්-බිම් වලින් ඉවත් වෙමින් සිටින අතර ; නිවාස බොහෝමයක් ගිනිගෙන විනාශවී ඇත. මේ හේතුවෙන් උතුරු කැලිෆෝනියාවේ සක්රැමෙන්ටෝ නගරයට ඊසාන දෙසින් පිහිටි දැඩි කැලෑ සහිත ප්රාන්ත දෙකක දහස් ගණන් ජනයා ඉවත් කිරීමට සිදුවුනි. වේගයෙන් පැතිර යන ලැව් ගින්න හේතුවෙන් නිවාස රාශියක් විනාශවී ඇති අතර අවම වශයෙන් කි.මී 110 ක ප්රමාණයක් දුමාරයෙන් වැසීගොස් ඇත.
රොයිටර් පුවත් සේවයේ අනුග්රහයෙනි