
divaina.com
අගෝස්තු මස 01දා සිට ක්‍රියාත්මක වන පරිදි ලන්ච් ෂීට් භාවිතය තහනම් කොට ඇත.
ඒ වෙනුවට දිරාපත්වන ලන්ච්ෂීට් භාවිතා කළ යුතු බව පරිසර අමාත්‍යංශය කියා සිටී.
මේ අතර වරක් භාවිතා කරන ලද බීම බට, ප්ලාස්ටික් හැඳ-ගෑරුප්පු-පිහි, යෝගට් හැඳි, සිලිසිලි බෑග්, ප්ලාස්ටින් ඉඳිආප්ප වට්ටි, සුවඳ ඇසුරුම්, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් කෝප්ප අදිය ද තහනම් කිරීමට අදාල කැබිනට් පත්‍රිකාවට අද(14) දින පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අත්සන් තැබීමට නියමිතය.