Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ලංකාවේ සියයට 35කට හරියට කන්න නෑ

lankadeepa.lk – විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත.

ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද  දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති ස්ථාන සහ පවුල්වල අදායම අඩුවීම එයට ප්‍රධාන හේතු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.ශ්‍රී ලංකාවේ පවුල් 10 කින් 9 කම කණසල්ලට ආහාර ද්‍රව්‍ය වල මිල හේතු වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.දෙසැම්බර් මාසය තුළ සහාය අවශ්‍ය පවුල් වලින් සියයට 10 කට පමණක් රජයෙන් ,රාජ්‍ය නොවන සංවිධාන වලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහාය ලැබී ඇතැයි එම වාර්තාව පෙන්වා දී ඇත.

එසේම දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 43 ක් තමන් ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇති බවත් සියයට 67 ක් තමන් කෑමට ප්‍රිය කරන ආහාර ගැනීම අතහැර අඩු කැමැත්තක් ඇති මිලදී ගත හැකි ආහාර වෙත යොමුව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 68ක් දෙසැම්බර් මාසයේ ආහාර පදනම් කරගනිමින් කුසගින්න නිවා ගැනීමේ ක්‍රියා මාර්ග වලට යොමුව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.නොවැම්බර් මසට සාපේක්ෂව ආහාර පදනම් කරගනිමින් කුසගින්න නිවා ගැනීමේ ක්‍රියා මාර්ග වලට යොමු වූ සංඛ්‍යාව සියයට 4 කින් අඩු වී ඇති බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වතුකරයේ පවුල් සියයට 38 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ගම්බද ප්‍රදේශ වල පවුල් සියයට 34 ක් සහ නගරබද පවුල් සියයට 28 ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් එම වාර්තාව පෙන්වා දී තිබේ.ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල්වලින් සියයට 37 කාන්තාව මූලික පවුල් බවත් සියයට 32 පිරිමි මූලික පවුල් බවත් එම වාර්තාවේ සඳහන් වී ඇත.

දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය වැඩිම පළාත සියයට 43 ක් වූ ඌව පළාත බවත් ආහාර අනාරක්ෂිතභාවය අඩුම පළාත සියයට 25 ක් වූ උතුරු පළාත බවත් එම වාර්තාවේ දැක්වේ. 

News Source

Vibuda Wijebandara

Read Previous

Freezing weather adds to despair as quake toll passes 20,000

Read Next

තුර්කි භූ කම්පනයෙන් මෙතරම් ජීවිත ගණනක් අහිමි වුණු හේතුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!