Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ලංකාවේ මන්දපෝෂිත දරුවන් වැඩි වෙලා

දරුවන් ගැන ළමා රෝහලෙන් අනතුරු ඇඟවීමක්

www.aruna.lk

ලංකාව තුළ පවතින ආහාර හිඟය හේතුවෙන් දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

පසුගිය දින කිහිපයේ රෝහලට ඇතුලත් කෙරුණු දරුවන් පනස් තුන් දෙනෙකුගෙන් එකොළොස් දෙනෙකුම මන්දපෝෂණයෙන් පෙළෙන බව ඔහු පවසයි.

ඔවුන්ගෙන් සිවුදෙනකු උග්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බවත් එම දරුවන්ට විශේෂ පෝෂණ ආහාර වේල් ලබාදීම ආරම්භ කළ බවත් ඔහු පැවසීය.

මේ තත්ත්වයෙන් දරුවන් මුදවාගැනීම සඳහා දෙමව්පියන් ගෙවතු වගාවට වැඩි වශයෙන් යොමු විය යුතු බවත් කෙටිකාලීනව ඵලදාව ලැබෙන පෝෂදායි ආහාර වර්ග වගා කිරීමට අවදානය යොමු කල යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

මාතර ජලයෙන් යටවෙයි

Read Next

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු නිකුත් කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!